News Editor

News Editor

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්සට

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අද (02) දිනයේ අබේපුස්ස දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය කොච්චිකඩේ දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. කැලණිවැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම්…

විපතට පත්වූවන්ට සහන බෙදන අයට පොලීසියෙන් දැනුම්දීමක්

ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කර සිටියේ, එම සහන කණ්ඩායම් සිදුකරන මෙහෙවරට තම ගෞරවනීය…

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමුවාට උසස්වීමක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා වූ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය මහතා ගෲප් කපිතාන් තනතුරට උසස් කර තිබේ. ඔහුගේ ආදර්ශමත් සේවය සහ රාජකාරිය සඳහා වූ කැපවීම ඉහළම ගෞරවයෙන් සලකනු ලබන බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම විවෘත කෙරේ

අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබේ. ඒ අනුව එම පිවිසුම භාවිත කර  සිය ගමන් පහසුකම් සලසා ගැනීමේ හැකියාව මේ වන විට පවතී.

අසත්‍ය පුවත් සමාජගත කරන්නන්ට එරෙහිව නීති පියවර

ආපදා අව­ස්ථා­වක, සමස්ත රටේ ජන­තාව එක්ව සිටින මේ මොහොතේ සදා­චාර විරෝධී ලෙස සත්‍ය­යෙන් තොර පුවත් සමා­ජ­ගත කරන පුද්ග­ල­යන්ට එරෙ­හිව දැඩි නීති­මය පිය­වර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවැ­සීය. එමෙන්ම සදා­චාර විරෝ­ධීව සත්‍ය­යෙන් තොර පුවත්…

ආපදා තත්ත්වය පිළිබඳ ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර සංවාදයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් සිදු වී තිබෙනවා. ඒ අනුව, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ එම විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිය ශෝකය පළ කර ඇති බවයි…

ශ්‍රී ලංකාවට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා ගමන් කිරීමට අවසර

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දීය ගුවන් අවකාශය හරහා යාමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඉන්දීය ගුවන් සීමාව හරහා පියාසර කිරීම සඳහා ඉල්ලීමක් ඊයේ දහවල් 1.00 ට ලැබුණු බවත්, ඒ…

අද උදෑසන 6.00 ට කැලණි ගඟේ ජල මට්ටම

කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම සම්බන්ධයෙන් නවතම යාවත්කාලීන කිරීම මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන 6.00 වන විට නාගලගම් වීදිය ජල මාපකයේ අගය අඩි 7.50 ක් ලෙස ජලය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින්…

විදේශීය පරිත්‍යාගශීලීන් ලබාදෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්

විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා. දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස්…

අද උතුරු සහ දකුණු පළාත්වලට වැසි

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…