News Editor

News Editor

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (12) දිනයේත් රැස්වීමට නියමිතයි. ඒ අනුව, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිත අතර, පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙරවරු 10.00…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

නාමල්ගේ විවාහ මංගල උත්සවයේ විදුලි බිල නොගෙවීමට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදලක් නියමිත වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා, නීතිඥයකු විසින් ගොනු…

මෛත්‍රීපාල සිරිසේන නිල නිවසින් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිල නිවසින් පිටව ගොස් තිබෙනවා. මේ අතර හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානමින් සිටින බවයි සඳහන් වෙන්නේ. “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී…

මහින්ද, විජේරාම නිල නිවසින් පිටව යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් මීට සුළු මොහොතකට පෙර නික්ම ගොස් තිබෙනවා. ‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ’ පනතේ විධිවිධාන අනුව, හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුව තිබෙනවා.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් දීමනාව හෙට බැංකු ගිණුමට

2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. රුපියල් 11,201,647,000 ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574 ක අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතයි. ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට…

රථවාහන පොලිස් නිලධාරීන්ට නිල ඇඳුමේ පැළඳිය හැකි BodyCam ලබා දීමට සැලසුම්

රථවාහන රාජකාරිවල නිරත වන පොලිස් නිලධාරීන්ට නිල ඇඳුමේ පැළඳිය හැකි කැමරාවක් (BodyCam) ලබා දීමට පොලීසිය විසින් තීරණය කර තිබෙනවා. රථවාහන වැරදි අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන්…

අයිස් මත්ද්‍රව්‍යය නිෂ්පාදනයට ගෙනා ද්‍රව්‍ය සහිත බහාලුම් ගැන රේගු වාර්තාව මේ සතියේ

‘අයිස්’ මත්ද්‍රව්‍යය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බව කියන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ සතිය තුළ ලබා දෙන බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අදාළ පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි රේගු මාධ්‍ය…

මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනෙකුට ස්ථාන මාරු

මහේස්ත්‍රාත්වරුන්, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා අදාළ…

බදුල්ලේදී දුම්රියක් පීලි පැනීමට ලක්වෙයි

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50 ට කොළඹ කොටුව බලා ධාවනය වූ ‘පොඩි මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්වී තිබෙනවා. ඒ අනුව, පෙරවරු 9.10 ට පමණ හාලි ඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල අතරදී මෙම පීලි පැනීම සිදුව ඇති බව වාර්තා වෙනවා.…