News Editor

News Editor

බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචියත් ඔන්ලයින්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2024/25 මහා කන්නය සහ 2025 යල කන්නය සඳහා බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අපේක්ෂාව වී තිබෙන්නේ අදාළ වගා කන්නයන්හි බඩ ඉරිඟු වගාවන්ගේ තත්ත්වය පිළිබඳ නිවැරදි දත්ත එක්රැස් කිරීමයි. මෙම ලියාපදිංචි කිරීම…

උණ්ඩ තියාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

T- 56 වර්ගයේ ජීව උණ්ඩ 5ක් , 9MM වර්ගයේ උණ්ඩයක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග සැකකරුවකුවන් දෙදෙනකු පොලිසිය ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිහිගහතැන්න ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අවුරුදු පනස්තුනක් වයස ඇති ජයසිංහ නමැත්තෙකු T- 56…

2025 දෙවන භාගයේ මූල්‍ය පද්ධති අවදානම් පිළිබද නීරීක්ෂණ නිකුත් වෙයි

2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, පසුගිය සමීක්ෂණයට සාපේක්ෂව කෙටි කාලීනව මූල්‍ය පද්ධතිය කෙරෙහි ප්‍රතිචාර දක්වන්නන්ගේ විශ්වාසය වැඩිදියුණු වී ඇති අතර, මධ්‍ය…

ළමා හා මාතෘ සායනයන්හි වෛද්‍ය මධ්‍යස්ථානයන් ආරම්භ කිරිමට යයි

රජයේ රෝහල්වල දැනට පවතින අධික තදබදය මඟහරවා ගැනීමේ අරමුණින් ළමා හා මාතෘ සායනයන්හි වෛද්‍ය මධ්‍යස්ථානයන් ආරම්භ කිරිම රජයෙ තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර යටතේ ලබන මාසය තුළ මාතෘ හා ළමා සායනයන් 5ක නියමු ව්‍යාපෘති ආරම්භ කරන අතර මේ වසර…

තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණයට රු.මිලියන 2085ක් වෙන් කරයි

මෙරට තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණයට රුපියල් මිලියන 2085 ක මුදලක් මෙම වර්ෂයේ වෙන්කර ඇතිබව තැපැල් විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. එම පෙරහැර අද (13) වීථි සංචාරය කිරීමට නියමිත වේ. මෙම පෙරහර අලි ඇතුන් ඇතුළු නර්තන කණ්ඩායම්වලින් සමන්විත අංග 100 කට…

සැප්තැම්බර් මාසයේ පළමු දින 10 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් 52000 ක් වෙයි

මෙම මාසයේ පළමු දින 10 තුළ දී විදෙස් සංචාරකයන් පනස්දෙදහසකට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙන  බව සංඛ්‍යා ලේඛණ  මඟින් පෙන්වා දෙයි. ඒ අනුව අපේක්ෂිත සංචාරක ඉලක්කය කරා ළගා විය හැකි බවට එහිදී  තහවුරු වී ඇත. මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ද…

චාලි කර්ක් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් වන චාලි කර්ක් ඝාතනයේ සැකකරු ටයිලර් රොබින්සන් අත්අඩංගුවේ පසුවන බව එරට නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිවේදනය කර ඇත. අමෙරිකාවේ යූටා හි විශ්වවිද්‍යාලයක දේශනයක් පවත්වමින් සිටියදි පසුගිය බදාදා වෙඩි ප්‍රහාරයකට ලක්වු තරුණ දේශපාලන ක්‍රියාකාරි චාලි කර්ගේ ඝාතනය…

එක්දින සේවාව යටතේ පැය 4න් ගමන් බලපත්‍රය ඔබේ අතට

ඊ තාක්ෂණය භාවිතයෙන් ගමන් බලපත්‍ර ඉදිරියේ දී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික්ක රැසකින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ද නියමිතයි. එක්දින සේවාව යටතේ නිවැරදි ලෙස අයදුම්පත්‍ර භාරදීමෙන් පසු පැය හතරක් තුළ දී ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ හැකියාව…