News Editor

News Editor

පිරානා‍, රෙඩ් ලයින් ස්නේක් හෙඩ් ඇතුළු ආක්‍රමණශීලි මත්ස්‍ය විශේෂ 4 ක් මෙරට තහනම් කෙරේ

ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පිරානා, නයිෆ් ෆිෂ්, ඇලිගේටර් ගාර් සහ රෙඩ් ලයින් ස්නේක් හෙඩ් යන ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ සඳහා මෙම තහනම පනවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00ට පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

දිල්ලි විශ්වවිද්‍යාලය අගමැති හරිනිට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන්න සූදානම් වෙයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් මැද භාගයේ ඉන්දියාවේ සිදු කිරීමට නියමිත සංචාරයේදී ඇයට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට දිල්ලි විශ්වවිද්‍යාලය (DU) සූදානම් වන බව නිල ලේඛන සමාලෝචනය කරමින් ද ඉන්දියන් එක්ස්ප්‍රස් වාර්තා කර තිබේ. ඇය හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.…

කැටපත් පවුරේ කොණ්ඩා කටුවෙන් අකුරු ලියූ තරුණිය රිමාන්ඩ්

සිගිරි කැටපත් පවුරේ කොණ්ඩා කට්ටෙන් අකුරු ලියු තරුණිය ලබන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල දිසා විනිසුරු නිලන්ත විමලරත්න මහතා අද ( 15)  නියෝග කළේය . මෙසේ බන්ධනාගාර ගතවූයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන මුත්තු කුමාරි නිරංජලා නම්…

අල්ලස් ලබාගත් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අත්අඩංගුවට

ගාල්ල නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිවාස (තාක්ෂණික) නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සිදු කළ පැමිණිල්ලක් අනුව, පැමිණිලිකරුගේ නිවස ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 10 ක ආධාර මුදල ලබාදීම…

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අදාල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දී…

BYD වාහනවල මෝටර් ධාරිතාව ගැන වාර්තාව සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

රේගුව විසින් රඳවා ගැනීමෙන් අනතුරුව මේ වනවිට බැංකු ඇපකර මත මුදාහැර තිබෙන BYD වාහනවල මෝටර් ධාරිතාව නිගමනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරි සති කිහිපය තුළ ලැබීමට නියමිතව තිබෙන බව නීතිපතිවරයා විසින් අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා. තමන් විසින්…

මාදුරුඔය හෙලිකොප්ටර් අනතුරින් මියගිය පිරිසගේ මරණවලට හේතුව අධිකරණයෙන් තහවුරු වෙයි

මාදුරුඔය හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් සහ යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් හය දෙනාගේ මරණවලට හේතුව, යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීම නිසා, එහි සිට අය දියේ ගිලීම බවට අධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. යානය ජලාශයට කඩා වැටීමේදී යම් අපරාධමය වරදක් සිදු…

නව රුපියල් 2,000 නෝට්ටුව සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 සමරු නෝට්ටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, නව මුදල් නෝට්ටුව පහසුවෙන් මුදල් සංසරණයට අනුගත කිරීම සඳහා, බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ…

ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම ජනතා අයිතියට

නවීකරණයට ලක් කෙරෙන පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ සංවර්ධන කටයුතු සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර නිමකිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි ඒ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව එක්වෙමිනි 1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව…