News Editor

News Editor

‘ඇතැම් මැති ඇමතිවරු පාතාලයෙන් මාස්පතා සල්ලි අරන්‘ – ජනපතිගෙන් අනාවරණයක්

නීතියේ බිඳවැටීම තුළ පැවැති දේශපාලන සංස්කෘතියේ පිරිහීම විසින් සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අප රට විශාල ගොදුරක් බවට පත් කර තිබුණු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට…

තර්ජනය කර කප්පම් ගත් පුද්ගලයෙක් කිරිවත්තුඩුවේදී අත්අඩංගුවට

වෙඩි තබන බවට තර්ජනය කර, බිය ගන්වමින්, කප්පම් ගැනීමේ නිරතව සිටි පුද්ගලයෙක් කිරිවත්තුඩුව, මිල්ලගහවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් සිදු කළ වෙඩි තැබීමකින් අවුරුදු 49 ක කාන්තාවක් තුවාල ලබා කහතුඩුව, වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවද…

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට ඉදිරිපත් කළ පෙත්සම සැප්තැම්බර් 24 කැඳවීමට නියෝග

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල  විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැදවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කාර උදය…

මධ්‍යම කඳුකරයේ රථවාහන ධාවනය ගැන අනතුරු ඇඟවීමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) රාත්‍රියේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව සහ ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව, හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගවල…

දියවඩන නිලමේ ධුරය ගැන මතුව ඇති තත්ත්වය ගැන මහා නාහිමිවරුන්ගෙන් නිවේදනයක්

දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදු කෙරෙන අපහාසාත්මක සංවාද සහ එමඟින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදු වන හානිය පිළිබඳව දැනුවත් කරමින්, මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, පුද්ගලික…

වසන්ත, වටගල, බිමල්, හඳුන්නෙත්තිගේ වත්කම් ගැන පරීක්ෂණයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව, වසන්ත සමරසිංහ, සුනිල් වටගල, බිමල් රත්නායක, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති…

විදුලි සේවකයන් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කරයි

ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් විසින් අද (17) සහ හෙට (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු කරන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.…

කීරි සම්බා මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්වීමට සැලසුම්

වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට රජය මැදිහත් වෙමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අස්වනු සම්බන්ධයෙන් තබන ලද ඉලක්කවලට ගොවීන් ළඟා වී ඇති නමුත්, වගා කිරීමේදී කීරි සම්බා වගා කර ඇත්තේ 7% ක් පමණක් බවත්, කීරි…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම…

ලංකා ධීවර සංස්ථාව ඈවර කිරීම ගැන පුවත වැරදියි – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

නව ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා. ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් පසුගිය 09 වැනිදා…