News Editor

News Editor

රට පැන්න අපරාධකරුවන් 30කට රතු නිවේදන නිකුත් කළා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විදේශ රාජ්‍යයන්වල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 30 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ…

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මිලියන 8,000ක් අවභාවිතය ගැන විමර්ශනයක් – නියෝජ්‍ය ඇමති ගමගෙදර දිසානායක

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව රුපියල් මිලියන 8,000කට අධික මුදලක් අවභාවිතා වී ඇතැයි අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හරහා එම තොරතුරු අනාවරණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. බුද්ධ සාශන සහ ආගමික කටයුතු නියොජ්‍ය අමාත්‍ය ගමගෙදර…

බලවත්ගමදි තියුණු ආයුධයකින් ඇණ පුද්ගල ඝාතනයක්

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී සිදු කර ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (20) රාත්‍රී කාලයේ හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර ඇති බවට හෙම්මාතගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු සිදු…

පාලනය ගිලිහී යතුරු පැදිකරුවෙක් මරුට

නාරම්මල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව තවත් යතුරු පැදියක ගැටී මියගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (20) දින සවස් කාලයේ පොල්ගහවෙල පොලිස් වසමේ යාංගල්මෝදර නාරම්මල මාර්ගයේ නයින දෙනිය හන්දිය අසලදී යාංගල්මෝදර දෙස සිට නාරම්මල දෙසට…

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වී අදට වසරයි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත් වී අදට(21)වසරක් සම්පුර්ණ වේ. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූයේ මීට හරියටම වසරකට පෙර එනම් 2024 සැප්තැම්බර් 21 දින පැවැති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙනි. ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා…

නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ 78ක් නාවික හමුදා භාරයට

දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු කළ සැකකරුවන් 78 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩිංගි යාත්‍රා 35ක් සහ…

පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය කිරීමට පියවර

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර පොදු ප්‍රවාහන බලපත්‍රය ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා සඳහන්…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි…

අමෙරිකාවේ ජොබ්වලට පිටරැටියන් ගේන්න එපා -ට්‍රම්ප් පියවරක් ගනී

අමෙරිකාවේ සේවයේ නිරත වන , H-1B සේවක වීසා සඳහා සමාගම්වලින් වසරකටඩොලර් 100,000ක්ගෙවන ලෙස ට්‍රම්ප් පරිපාලනය පවසා තිබෙනවා. මේ හේතුවෙන්ඇතැම් විශාල තාක්ෂණික සමාගම්වල වීසා බලපත්‍රලාභීන්ට අමෙරිකාවේ රැඳී සිටින ලෙසට හෝ ඉක්මනින් ආපසු පැමිණීමටයි අනතුරු ඇඟවෙන්නේ. H-1B වීසා බලපත්‍රය යනු තාවකාලික, සංක්‍රමණික…

පිටකොටුවේ ගින්න පැය 03කට පසු මැඩ පවත්වයි

පිටකොටුව පළමුවැනි හරස් වීදියේ විදුලි උපාංග අලෙවිසැලක අද (20) පස්වරුවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වූ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පැය තුනකට අධික කාලයක් තිස්සේ දැරූ මහත් පරිශ්‍රමයකින් අනතුරුවයි. අද පස්වරුවේ ඇතිවු ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 15ක්…