News Editor

News Editor

දකුණේ මත් ජාවාරම් ගැන ඇමතුම් 2,000ක්

දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරී ජයලත් වෙත දුරකතන ඇමතුම් 2,000 ඉක්මවා ලැබී තිබෙනවා. දකුණු පළාතේ පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ක්‍රියාත්මක මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක බව දකුණු පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරී ජයලත්…

මහින්ද බලන්න රනිල් කාල්ටන් යයි

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (28) දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසීමට තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබුණා. ඉහත හමුව සිදුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදී බව වාර්තා වෙනවා. තමන් සිරගත…

රටට මත්ද්‍රව්‍ය ඇතුලුවන ස්ථාන ගැන නාමල් කියයි

අද වනවිට රටට මත්ද්‍රව්‍ය ඇතුලු වන මූලික ස්ථාන බවට වරාය සහ ගුවන්තොටුපොළ පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

ආබාධිත සිසුන්ටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අවස්ථා

ආබාධිත සිසුන් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අදාළ ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වන විට සකස් කොට අවසන්ව ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි. විශ්වවිද්‍යාලවට සම්බන්ධ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනු කාරක සභාව සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරු අතර පාර්ලිමේන්තුවේදී පැවැති…

ආසියානු කුසලාන අවසන් මහා තරඟය අදයි

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.  මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 8.00 ට ඩුබායි හිදී ආරම්භ වේ.

ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි 

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය. සිය තෙදින ජපාන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ (27) දිනයේදී ජපානයට පැමිණි අතර එහිදී  ශ්‍රී…

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් තුවාල ලබා සිටි තවත් හිමිනමක් අපවත් වෙයි

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ. උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත. ඒ අනුව මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව…

ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ

විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ. චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති මෙම ප්‍රධාන පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම…

එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කෙරේ

නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමේ අරමුණක් ලෙස, එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කිරීමට නියමිතව තිබේ. නව ඩිජිටල් හැඳුනුම්පත් යෝජනා ක්‍රමය මඟින් එක්සත් රාජධානියේ නීතිවිරෝධී ලෙස සේවය කිරීම දුෂ්කර වන අතර එමගින් පුරවැසියන්ට ප්‍රතිලාභ රැසක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය කියර්…

බඩ ඉරිඟු බලපත්‍ර නොමැතිව ත්‍රිපෝෂ නවතී

ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය බඩඉරිඟු‍ ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නද ආනයන බලපත්‍ර නිකුත් නොකිරීම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර වී ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක පවසනවා. ඒ අනුව ආනයන බලපත්‍රයේ ඇතිවූ ගැටලු‍ව සම්බන්ධයෙන්ද කැබිනට්…