News Editor

News Editor

මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන බදාදා (17) දින ප.ව…

ධම්මික රණතුංගට ඇප – හිටපු ඇමති අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බවත් අධිකරණයට දන්වයි

‍අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග…

නිලාවේලි පරවි දුපත ජාතික උද්‍යානය සංචාරකයන්ට තාවකාලිකව වැසෙයි

මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමඟ සුළගේ රළු ස්වභාවය සැලකිල්ලට ගෙන නිලාවේලි පරවි දුපත ජාතික උද්‍යානය සංචාරකයන්ට තාවකාලිකව වසා දැමූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මුහුදේ රළු ස්වභාවය හා අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවත් දූපතට පිවිසීමට ප්‍රවේශපත්‍ර නිකුත්…

පාසල් ආර­ම්භය ගැන තීරණ ගන්න පළාත්-දිස්ත්‍රික් බල­ධා­රීන්ට බලය දුන්නා

දිව­යිනේ සිය­ලුම පාසල් හෙට (16) ආරම්භ කිරී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය තීර­ණය කර ඇතත් පැවැති ආපදා තත්ත්ව­යත් සමඟ පාසල් පැවැ­ත්වීම සම්බ­න්ධව තීන්දු තීරණ ගැනී­මට අදාළ පළාත්, දිස්ත්‍රික් බල­ධා­රීන්ට බලය ලබාදී ඇති බව අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය. පසු­ගි­යදා ඇතිවූ ආපදා තත්ත්ව­යත්…

උත්සව සම­යට රාජ්‍ය නිල­ධා­රීන්ට විශේෂ අත්ති­කා­රම් මුද­ලක්

රාජ්‍ය නිල­ධා­රීන්ට උත්සව සමය වෙනු­වෙන් රුපි­යල් 4000කට නොවැඩි විශේෂ අත්ති­කා­රම් මුද­ලක් දීමට රජය තීර­ණය කර තිබේ. රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් සිය­ලුම අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්, පළාත් ප්‍රධාන ලේක­ම්ව­රුන් සහ දෙපා­ර්ත­මේන්තු ප්‍රධා­නීන් වෙත…

ගංව­තු­රෙන් හානි වූ හලා­වත මහ රෝහල බලන්න සෞඛ්‍ය ඇමැති යයි

සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති නලින්ද ජය­තිස්ස මහතා හලා­වත මහ රෝහලේ විශේෂ නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත වී ගංව­තුර හේතු­වෙන් සිදුවු විනා­ශය නිරී­ක්ෂ­ණය කර කඩි­න­මින් රෝහලේ අනි­කුත් වාට්ටු ඒකක ආරම්භ කිරී­මට අවශ්‍ය කට­යුතු සැල­සී­මට පාල­නා­ධි­කා­රි­යට පොරොන්දු විය. සෞඛ්‍ය ඇමැ­ති­ව­රයා මෙලෙස නිරී­ක්ෂණ චාරි­කා­වක නිරත…

ආපදා තත්ත්වය හමුවේ වුවද සංචාරක පැමිණීම්වල වර්ධනයක්

ආපදා තත්ත්වය හමුවේ වුවද මෙරට සංචාරක පැමිණීම්වල වර්ධනයක් පෙන්නුම් කරනවා. දෙසැම්බර් මාසයේ මේ දක්වා සංචාරකයින් 50,000කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් ගණන මිලියන 2.15ක්. එවැනි පසුබිමක සංචාරකයින් රැගත් මෝල්ටා ධජය සහිත ලුමිනාරා නමැති අධි සුඛෝපභෝගී…

ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ෆේක් පොලිස්

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් පිළිබඳ සුපරීක්ෂාකාරීව සිටින ලෙස පොලිසිය අනතුරු අඟවනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID), මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ (FCID) නිලධාරීන් ලෙස හෝ බැංකු නිලධාරීන් ලෙස…

Google වෙතින් හෙඩ්ෆෝන් හරහා සජීවී පරිවර්තන සේවාවක්

භාෂා පරිවර්තන සහ භාෂා ඉගෙනීමේ සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ගූගල් සමාගම විසින් හෙඩ්ෆෝන් හරහා තත්‍ය කාලීන පරිවර්තන (Real-time translations) ලබා දෙන නව බීටා (Beta) විශේෂාංගයක් නිකුත් කිරීම ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබෙනවා. ගූගල් ට්‍රාන්ස්ලේට් (Google Translate) යෙදුම…

ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සේවය යුද්ධ හමුදාධිපති ඇගයීමට

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ඇතිවූ ආපදා තත්ත්වයන්ට සහන සේවා වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සේවය අඟයමින් මෙරටට පැමිණි ඉන්දීය සහන සේවා වෛද්‍ය කණ්ඩායම ඇඟයීමට ලක්කිරීමේ වැඩසටහනක් ඊයේ (14) පනාගොඩ,…