News Editor

News Editor

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකට එරෙහිව විමර්ශනයක්

ව්‍යාජ තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරීමේ සිද්ධි සම්බන්ධයෙන්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ව්‍යාජ තොරතුරු යොදාගෙන ලියාපදිංචි කළ වාහන 08 ක් පසුගිය සති කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබී පොලිස් භාරයට ගෙන තිබුණු අතර,…

නීතිවිරෝධීව රැගෙන ආ ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ තොගයක් මාලිගාවත්තේදී අත්අඩංගුවට

රේගු බදු නොගෙවා, කටුනායක ගුවන්තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන, සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබුණු ස්මාට් වර්ගයේ ජංගම…

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට සහ අනිද්දා පැවැත්වෙයි

2025 සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන සහ දිනයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, දකුණු පළාතේ දිස්ත්‍රික්කවලට අදාළ සම්මුඛ පරීක්ෂණ ඔක්තෝම්බර් 04, 05 යන දිනවල ගාල්ල, මාතර හා හම්බන්තොට හෙද විදුහල්වල දී පැවැත්වීමට…

ලෝක අමද්‍යප දිනය අද

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා. මධ්‍යසාර හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට හා සාමාජීය වශයෙන් සිදුවන බලපෑම පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා එම දිනය සැමරෙන බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව, මෙම දිනය පාදක කර ගනිමින් මධ්‍යසාර භාවිතයේ ආදීනව පිළිබඳ ජනතාව දැනුවත්…

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම ඔක්තෝබර් 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්,…

මහින්දගේ ආරක්ෂකයාගේ ඉන්ධන හලක්, හෝටලයක්, ඉඩම් ඇතුළු මිලියන 28ක වත්කම් ගැන අනාවරණය වෙයි

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි, ඔක්තෝබර් මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස්…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, උතුරු,…

මහින්දගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (2) නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත්…

යාල්දේවි දුම්රිය කාලසටහනේ වෙනසක්

යාල්දේවි ශිඝ්‍රගාමි දුම්රිය කාලසටහනේ ඔක්තෝබර් මස 7 වැනිදා සිට 18 වැනිදා දක්වා තාවකාලිකව වෙනසක් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි. උතුරු දුම්රිය මාර්ගයේ වව්නියාව – ඕමන්ත අතර දුම්රිය මාර්ග කොටසෙහි සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම වෙනස…

ලබන 8 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 08 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව එහිදී රුපියල් මිලියන මිලියන 33,500 ක් ( බිලියන 33.5) වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය. එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 6000ක, දින…