News Editor

News Editor

නන්දනට හා ගම්මන්පිලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට එරෙහිව ‘පුරවැසි බලය’ සංවිධානය විසින් අද (03) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද්වේශ සහගත ලෙස විවේචනය කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු…

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (03) විරෝධතාවක් පැවැත්වුණා. ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බවයි සඳහන් වෙන්නේ. ‘දරු…

පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වෙයි

පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා. ඒ අනුව, 2008 වසරේ සිට වසර 17 කට ආසන්න කාලයක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම පිළිකා සෛල නසන පෝෂක…

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඔක්තෝබර් 08 වැනිදා කැඳවීමට නියෝග

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, මෙම…

සමලිංගික සංචාරකයන් ප්‍රවර්ධනය රජයේ ප්‍රතිපත්තිය නොවේ – විදේශ ඇමති

සමලිංගික සංචාරකයින් කැඳවීම ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ පැවති ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව අමතමිනුයි අමාත්‍යවරයා මේ බව…

බණ්ඩිරිප්පුවේ දුම්රිය නැවතුමක්

ලුණුවිල, බණ්ඩිරිප්පුව ශුද්ධ වූ ජපමාල දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගි වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් එම දේවස්ථානය ඉදිරිපිට දුම්රිය වේදිකාවේ දුම්රිය නැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. හෙට සහ අනිද්දා දිනයන්හිදී මෙලෙස දුම්රිය නවත්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ. ඒ…

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසුකරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) දිනයේ ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 කින් අවසන් වුණා. එය ප්‍රතිශතයක්…

මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 68කගේ වැඩ තහනම්

ජනවාරි සිට මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරනවා. මෙම නිලධාරීන්ට චෝදනා එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා මත්ද්‍රව්‍ය ළඟ…

මහීපාල, බිරිඳගේ හෝටලය කඩා ඉවත් කරයි

උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් අනුරාධපුර – පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ අනවසරෙන් ඉදි කළ බව කියන හෝටලය කඩා ඉවත් කර ගෙන තිබෙනවා. මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගන්නා…

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙක් මියගොස්, තවත් 05 කට තුවාල

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේදී අද (03) අලුයම සිදුවූ අනතුරකින්, එක් පුද්ගලයෙක් මියගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක රියදුරුට නින්ද යෑම හේතුවෙන්, එය මාර්ගයෙන් ඉවතට පැන,…