News Editor

News Editor

ගලෙන්බිඳුණුවැව වට්ටක්කා ගොවීහූ අසරණ වෙති

අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව වට්ටක්කා ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. එමෙන්ම, පඩිකාරමඩුව, මයිලගස්වැව, තම්මැන්නාගම යන ප්‍රදේශවල ගොවීන් ද මෙම ගැටළුව මුහුණදී සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. අස්වනු ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය ද අඩු මුදලකට අලෙවි…

තැපැල්පතිගේ කතාවට සේවකයෝ එරෙහි වෙති : ගන්නා ක්‍රියාමාර්ග ගැන අද තීරණයක්

තැපැල්පතිවරයාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දිනයේදී (07) අවසන් තීරණයකට එළැඹෙන බව තැපැල් වෘත්තිය සමිති පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම වෘත්තිය සමිති පැවසුවේ, තැපැල් සේවකයින් පිළිබඳව තැපැල්පතිවරයා කළ ප්‍රකාශය හෙළා දකින බවයි. එමෙන්ම ලෝක තැපැල් දිනය සැමරෙන ඔක්තෝබර් 9 වැනිදා…

OT දුර දිග යයි… තැපෑල කෝපා කමිටුවට

තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා(OT) සම්බන්ධයෙන් මතුවී ඇති සියලුම කරුණු ගැන අවධානය යොමු කොට තැපැල් දෙපාර්තමේන්තුව ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) වෙත කැඳවීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම්ගේ ආවධානය යොමු…

සම්පත් මනම්පේරි රැඳවුම් භාරයේ බව පොලිසිය අධිකරණයට දන්වයි

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි දින 90ක් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පෑලියගොඩ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා හමුවේ අද (7) දැනුම් දුන්නා. සිද්ධියට අදාල බී වාර්තාවක්…

ජුලම්පිටිය අමරේගේ ඇපෑල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

මිනීමැරිමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටිය අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (07) නිෂ්ප්‍රභ කළේය. ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින්…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, උතුරු, උතුරු-මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි ඇති…

ඔට්ටු ඇල්ලීම සහ සූදු සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කෙරේ

ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්ද සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව, මේ වසරේ ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, සූදු ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට අදාළ දළ එකතු කිරීම් සඳහා වන 15% ක බද්ද 18% දක්වා වැඩිකර…

පොලිස්පතිගේ WhatsApp අංකයට පැමිණිලි 8,000ක්

නීති විරෝධී මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලබාදුන් පොලිස්පතිගේ WhatsApp අංකයට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 8,000 ඉක්මවා ඇති බව සඳහන් වේ. ඒ අනුව, එම පැමිණිලි විමර්ශනය කිරීම ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරන අතර එලෙස ලැබුණු පැමිණිලි අදාළ පොලිස්…

ඉල්ලීමක් කළහොත් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂිත වාහන නැවත දියහැකියි

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබා දී ඇති වාහන, ඉල්ලීමක් කළහොත් නැවත ඔවුන්ට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (07) පාර්ලිමේන්තුව අමතමින්.

රන් මිලේ දැනෙන වෙනසක්

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය…