News Editor

News Editor

මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (20) මෙම අනතුර සිදුව තිබුණේ, යාපනය, දිඹුලපතන සහ තිස්සමහාරාමය යන පොලිස් වසම්වලදීය. හැටන් – නුවරඑළිය මාර්ගයේ පතන හන්දිය ආසන්නයේදී ලොරි රථයක් රියදුරුට රථය…

දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්‍රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට වැටී කුඩා දරුවෙකු  ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.  එලෙස මියගොස් ඇත්තේ, කන්දේගම, දම්මින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 02 හැවිරිදි කුඩා දරුවෙකි. මෘත ශරීරය…

නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් එම දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (21) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින…

ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට මාලිමා මන්ත්‍රී ශාන්තගෙන් ප්‍රහාරයක්

සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පහරදී ඇතැයි එම පොලිස් නිලධාරියා චෝදනා කර තිබේ. ඊයේ (20) රාත්‍රියේදී කළ මෙම පහරදීමෙන්…

කාදිනල් හිමිපාණන් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

දෙමව්පියන්ගෙන් අයිතිවාසිකම් උදුරාගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමයක් රජය විසින් ඉදිරිපත් කරගෙන යන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඊයේ හංවැල්ල පහත්ගම අප ශුද්ධ වූ ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ . “අද…

‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 945ක් අත්අඩංගුවට

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් දෙසැම්බර් 20 දිනට සැකකරුවන් 945  අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරින් සැකකරුවන් 16දෙනෙකු වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මෙහෙයුම මගින් අයිස්…

මහනුවරට සහ නුවරඑළියට තවදුරටත් නායයාමේ රතු නිවේදන

පසුගිය දිනවලදී ලැබුණු වර්ෂාව සහ ඊසාන දිග මෝසම් සමඟ ඉදිරියේදී ලැබිය හැකි වර්ෂාවත් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති නයයෑමේ අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට, අදියර 3…

කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි හෙට (22) සිට යාල්රාණි දුම්රිය මගින් දුම්රිය කටයුතු ආරම්භ කරනු ලබයි.

නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ ගැබිණි කාන්තාවක් වෙන්නප්පුව පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 19ක කාන්තාවක් වන අතර…

ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි. 2025 නොවැම්බර්…