News Editor

News Editor

දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ඩොලර් බිලියන 4.1ක් – ලෝක බැංකුව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන්  මෙරට ගොඩනැගිලි හා ඒවායේ  අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතලපහසුකම්වලට සිදුකර ඇති භෞතික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකු සමූහය විසින් අද…

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) 4.00ට නිකුත්කරන ලද එම නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට නිකුත් කර තිබූ නායයෑමේ රතු…

ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමණියම් ජයශංකර් අද (22) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට රැඳී සිටින කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් හමුවී…

ඇල්ල ප්‍රදේශයට මගීන් රැගෙන ගිය කුලී රථ රියදුරන්ට තර්ජනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කෙරේ

ඇල්ල සංචාරක කලාපයට පැමිණෙන PickMe, Uber කුලී රථ රියදුරන්ට තර්ජනය කිරීම සහ පහරදීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව, කුලී රථ සේවාවල රියදුරන් ඇල්ල සංචාරක කලාපයට ඇතුළු වන විට, එම ප්‍රදේශයේ කුලී රථ රියදුරන් විසින් තර්ජනය…

වැසි තත්ත්වයේ අඩුවීමක්

ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ පළාතේත් අම්පාර, හම්බන්තොට සහ…

කොන්දේසි සපුරන්නේ නම් යුද්ධය අවසන් කිරීමට රුසියාව සූදානම් – පුටින්

රුසියාවේ මධ්‍ය හා දිගු කාලීන ආරක්ෂක කොන්දේසි සපුරන්නේ නම් සහයෝගීතාවයෙන් යුතුව යුක්‍රේන යුද ගැටුම අවසන් කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දෙස් – විදෙස් මාධ්‍යවේදීන් සමඟ රුසියානු ජනපතිවරයා වාර්ෂිකව පවත්වන ප්‍රවෘත්ති…

තිස්ස විහාරයේ ඉඩමේ අයිතිය ඉල්ලා කලහ කළ බවට අත්අඩංගුවට ගත් 05 දෙනාට ඇප

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරස්ථානය අසල පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇතුළු කණ්ඩායමක් විසින් සංවිධාන කළ විරෝධතාවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, එම විරෝධතාවයට එරෙහිව පොලිසිය ලබාගෙන තිබූ අධිකරණ නියෝගය කඩ කරමින් අදාළ පිරිස ක්‍රියා කිරීම හේතුවෙන්. මෙහිදී නීති විරෝධී රැස්වීම,…

ලෝක බොරතෙල් මිල ඩොලර් 60 සීමාවේ

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඩොලර් 60 සීමාවේ පවතිනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (22) උදෑසන වන විට ඩොලර් 60.88 මට්ටමේ පැවති අතර, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 56.89ක් ලෙසයි.

ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි

වත්මන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් (Career Diplomats) 30 දෙනෙකු පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රටවල් අවම වශයෙන් 29ක සේවය කරන තානාපතිවරුන්…

ෆේස්බුක් එකේ ලින්ක් ෂෙයා කරද්දී සල්ලි ‌ඉල්ලයි

ෆේස්බුක් (Facebook) පරිශීලකයින්ට තම පෝස්ට් හරහා බෙදාගත හැකි ලින්ක් (Links) ප්‍රමාණය සීමා කිරීමට සහ වැඩිපුර ලින්ක් බෙදාගැනීම සඳහා මාසික ගාස්තුවක් අය කිරීමට Meta සමාගම සූදානම් වනවා. ඒ අනුව ෆේස්බුක් හරහා මසකට ලින්ක් 2 කට වඩා බෙදාගැනීමට අවශ්‍ය නම්, මසකට ස්ටර්ලින්…