News Editor

News Editor

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ සිද්ධිය ගැන පරිගණක අපරාධ විමර්ශන අංශයෙන් විමර්ශනයක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුර යම්කිසි මහජන කැළඹීමක් ඇති කිරීමට ගත් උත්සාහයක් බවට පොලිසිය සැක කරනවා. මෙම තොරතුර සම්බන්ධව පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. මහනුවර දිස්ත්‍රික් ලේකම්…

අද කාලගුණ නිවේදනය

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

පවුල් ආරවුලක් නිසා පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනී

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ. ගිනි තබා ගැනීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. මීරිගම සහ පල්ලේවෙල අතර දුම්රියක් පිලී පැනීම මීට හේතු වී ඇත. මීරිගම සිට කොළඹ බලා ධාවනය කළ දුම්රියක් මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේදීම පිලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය…

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2001 වසරේදී ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා යුද හමුදාවෙන් ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගැනීමේ සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනවලදී හිටපු…

29වනදා සිට වැසි වැඩි වෙන ලකුණු

දෙසැම්බර් මස 29 වනදින සිට දිවයින හරහා සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත්…

Gmail ලිපිනයේ පරිශීලක නාමය වෙනස්කිරීමට ළඟදීම අවස්ථාවක් ?

තමන් භාවිතාකරන Gmail ලිපිනයේ පරිශීලක නාමය වෙනස්කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ සඳහා අවස්ථාවක් නොමැතිව සිටි පරිශීලකයින්ගේ එම දිගු කාලීන ගැටලුවට විසදුමක් ලබාදීමට  Google සමාගම මේ වනවිට සූදානම් කරමින් සිටී. ඒ අනුව මෙම නව පහසුකම ක්‍රියාත්මක කිරීමත් සමග දැනට භාවිතාකරන email ලිපිනයට…

දිනක් තුළ අධිවේගී මාර්ගවල ආදායම මිලියන 61 ඉක්මවයි

දිනක් තුළ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් රුපියල් මිලියන 61ක ආදායමක් උපයා තිබෙනවා. ඊයේ පස්වරු 6.00න් අවසන් වූ පැය 24 තුළ 170,000කට අධික වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර, පෙරේදා දිනයේදී ද…

ඉන්දියාවෙන් හා IMFවලින් ලැබී ඇත්තේ ආධාර නොවේ ණය:රාජිත

ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්(IMF) ලැබී ඇත්තේ ණය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන ඇත්තේ 8%ක ඉහළ වාණිජ පොළියකට බවත් එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කරනවා. ඉන්දියාව ලබා දී…

නත්තල් දින බීමත් රියදුරන් 322ක් අත්අඩංගුවට

නත්තල් දිනය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) දිනය පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 29,539 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ බව පොලිසිය පවසනවා. මෙම මෙහෙයුමේදී විවිධ වැරදි…