News Editor

News Editor

ඇමති වසන්ත ජිනීවා යයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසිවාරය (UNCTAD) සඳහා සහභාගිවීමට නියමිතය. එම 16 වන සැසිවාරය (UNCTAD)…

ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තරමක තද…

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වන ඉෂාරා සෙව්වන්දි සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ඔවුන් කඩිනමින් දිවයිනට…

නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 45ක් නීතියේ රැහැනට

සතියක් තුළ සිදුකළ නාවික මෙහෙයුම්වලින් නීතිවිරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 45 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කර ඇත්තේ, 2025 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 07 දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට…

කොළඹ කොටස් වෙළෙඳපොල ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 2.36 කින් (0.01%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ ඉහළම අගය ලෙස ඒකක 22,321.08ක් වාර්තා වුණා. මේ සමග වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 5.7ක්.

ට්‍රම්ප් ඊශ්‍රායලයට පැමිණෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට පැමිණ තිබෙයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් බෙන් ගුරියන් ගුවන්තොටුපළේදී ඔහුව පිළිගෙන ඇති බවයි.

හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා නිදහස්

හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාර දී තිබේ. මේ අනුව අද (13) දිනයේදී, ජීවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම…

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කෙරේ

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත.  මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී තිබේ.…

නව නියෝජ්‍ය අමාත්‍යවරු වැඩ භාරගනී

මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නිශාන්ත ජයවීර යන මහත්වරු අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී සිය ධුරවල වැඩ භාරගෙන තිබුණි.  එහිදී මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය…