News Editor

News Editor

විදෙස් ඇමති විජිත බංග්ලාදේශයට

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බංග්ලාදේශයේ හිටපු අගමැති බේගම් ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. ඒ අනුව අද(31) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත්…

ලංකාවේ පළමු වරට ඩ්‍රෝන නියමුවන්ට NVQ සහතිකයක්

දිවයිනේ ප්‍රථම වතාවට ඩ්‍රෝන නියමුවන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත් පිරිනැමීමක් සිදු කෙරුණි. එය පසුගියදා කොළඹ 07, විජේරාම පාර පිහිටි SLIDA ආයතනයේදී උත්කර්ෂවත් අයුරින් සිදු විය. මෙම උත්සවය සංවිධාන කළේ, මෙරට පිහිටි වෘත්තීය ඩ්‍රෝන නියමුවන් පුහුණු කරන හා…

කොළඹ මහ නගර සභාවේ අක්‍රිමිකතා සෙවීමට ජනාධිපති කොමිසමක්

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. එහි සාමාජිකයින් ලෙස හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්…

කළුතර, නාගොඩ රෝහල තුළ වෙඩි තැබීමක්

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහල තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. අද (31) උදෑසන බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් ඔහු තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ. රෝහලේ 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම බන්ධනාගාර රැඳවියාට වෙඩිතැබීම සිදුකරන…

සුරාබදු ආදායම් ඉලක්ක අභිබවා යාමට නිලධාරීන්ගේ කැපවීම සහ දූෂණයෙන් තොර වැඩපිළිවෙළ ඉවහල් වුණා – ජනපති

රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්‍රයත්න දැරිය යුතු බවත්, රට තුළ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ගොඩනැගීමේදී රාජ්‍ය ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනවලට විශාල වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ ප්‍රගතිය සහ 2026…

කොහුවල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් බෝධියවත්ත ප්‍රදේශයේ නිවසකට මෙසේ වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ වෙඩි තැබීමෙන් 16 හැවිරිදි ගැහැනු ළමයකු තුවාල ලබා රෝහල්ගත කර…

අද කාලගුණ නිවේදනය

උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද…

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන් නුසුදුසු යෙදුමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන් නුසුදුසු යෙදුමක් ඇතුළත් වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ, මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ලෙස දැක්වෙන හැඳින්වීමක් කර…

රාමසාන් සමයේ නොමිලේ බෙදා හැරීමට ගෙන්වන රටඉඳි සඳහා බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

රාමසාන් උපවාස සමයේදී නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා නොමිලේ බදු සහන ලබා දීම පිණිස ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා. මෙවර රාමසාන් උපවාස සමය 2026-01-19 දිනෙන් ආරම්භ වී එළැඹෙන වසරේ මාර්තු 31…

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන් සඳහා ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ‘RE-MSME – ආපදා සහන’ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා. ආපදාවෙන් බලපෑමට…