News Editor

News Editor

රට හැදුවේ අපියි කියලා පොඩ්ඩක්වත් ගොනාට ඇඳලා නෑ – බිමල්

ආණ්ඩුව කිසිදු අවස්ථාවක ‘තමන් මුළු රටම සාදා අවසන්’ බව පවසා ‘ගොනාට ඇඳ’ නොමැති බවත්, තවත් බොහෝ දේ සෑදීමට ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. රට නැගිටවිය යුතු බවට 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ජනතාව තීරණය කළ අතර, තම රජය විසින්…

මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ

මහනුවර මහ නගර සභාව මීට පෙර දැනුම් දී තිබූ පරිදි මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ කටයුතු අද (02) පෙරවරුවේ සිදුකෙරුණි. කෙසේ වෙතත් පදික වෙළෙඳුන් පවසන්නේ, ඒ වෙනුවෙන් තමන්ට ලබාදී ඇති විකල්ප ස්ථානයේ වෙළෙඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවය. මහනුවර නගරයේ…

කතරගම දේවාලයේ රත්‍රංවලින් කොටසක් විකුණා ආදායම REBUILDING SRI LANKA අරමුදලට

රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්‍රන් සංචිතයෙන් දේව රුව සහිත රත්‍රන් හැර අනෙකුත් රන් භාණ්ඩ  සියයට 70ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේවරයා තීරණය කර තිබේ.…

රුපියල් මිලියන 34කට අධික කුෂ් සමගින් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 419ක් සමගින් ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35ක අයෙකු වන අතර සැකකරු විසින් මෙරටට ගෙන ආ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 34.19ක්…

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025 වර්ෂයේදී

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සිය ඉතිහාසයේ වැඩිම ඖෂධ නිෂ්පාදන 2025 වර්ෂයේදී සිදු කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව ගතවූ වසරේදී ඖෂධ පෙති සහ කරල් මිලියන 3,625ක් නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත්ව ඇති…

ඉරානයේ විරෝධතා නරක අතට – පුද්ගල මරණ 7ක්

ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට නරක අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ, විරෝධතාවල පස්වන දිනය ගතවද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. නිරිතදිග ඉරානයේ ලෝර්ඩෙගන්…

ඇම්ස්ටර්ඩෑම් හි වසර 154ක් පැරණි පල්ලියක් ගින්නකින් විනාශයි

නව වසර සැමරුම් අතරතුර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගර මධ්‍යයේ පිහිටි වසර 154ක් පැරණි Vondelkerk දේවස්ථානය ගින්නක් හේතුවෙන් විනාශ වී තිබෙනවා. 1872 වසරේ ඉදිකරන ලද ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම දේවස්ථානයේ මධ්‍යම රාත්‍රියෙන් පසු හටගත් ගින්නකින් මෙලෙස විනාශ වී තිබුණා. මෙම ගින්න හේතුවෙන්…

රියැදුරු අකුසලතා ලකුණු මේ වසරේ සිට

මෝටර් රථ රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මේ වසරේ ක්‍රියාත්මක කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ පවසනවා. ඔහු මේ පිළිබඳව පවසා සිටියේ හිරු ප්‍රවෘත්ති කළ විශේෂ විමසීමකදීයි. ඊට අදාල තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් ඊට…

ඇළකට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පුල්මුඩේ පොලිස් වසමේ මහසෙන්පුර ප්‍රදේශයේ ඇල මාර්ගයකට යතුරු පැදියක් වැටී එහි පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 64 ක් වූ කොලොංගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මූතූර් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්…

පහළ වායුගෝලයේ කැළඹීමක් : වැසි තත්ත්වය ඉහළට

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නැගෙනහිර, මධ්‍යම, උතුරු –…