News Editor

News Editor

ඉදිකෙරෙමින් පවතින මහල් ගොඩනැගිල්ලක නාඳුනන පුද්ගල මළසිරුරක්

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඔලගම ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින මහල් 18 කින් යුත් ගොඩනැගිල්ලක 15 වන මහලේ නාඳුනන පිරිමි පුද්ගල මළසිරුරක් ඇති බවට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර ඊයේ (02) දහවල්…

මෙක්සිකෝවට ප්‍රබල භූමිකම්පාවක්

මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට එරට වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ. එරට ජාතික භූ කම්පන විද්‍යා ඒජන්සියට පවසා සිටියේ, ඒ හේතුවෙන් පසු කම්පන 500කට වඩා ඇතිවූ බවය. භූමිකම්පාවේ කේන්ද්‍රය ගුවෙරෙරෝ හි සැන් මාකෝස් නගරය…

ටෙස්ලා අබිබවා BYD ඉදිරියට

2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ  BYD සමාගම පත්ව තිබේ. මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ ටෙස්ලා සමාගමය. ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගම මෙලෙස ඔවුන්…

කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබේ. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.…

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත්කළ එම ප්‍රාදේශීය සභාවේ සභාපති (SJB) කසුන් මුණසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සභාපතිවරයා අද (02) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු එළැඹෙන 08 වැනිදා…

‘රටම එකට’ ජාතික මෙහෙයුමට රාජ්‍ය නොවන සංවිධානත් එක් වෙයි

මත්ද්‍රව්‍ය රටින් මුලින් උපුටා දැමීම අරමුණු කර ගත් ”රටම එකට” ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ. මෙම විශේෂ සාකච්ඡාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වූ…

පහරකෑමට ලක්වූ දරුවෙක් ජීවිතක්ෂයට – පියා අත්අඩංගුවට

නූරිය පොලිස් වසමේ නූරියවත්ත 02 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. අදාළ දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (02) රාත්‍රියේ පණිවුඩයක් ලැබී තිබේ.…

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම ජනවාරි දෙවන සතියේදී

2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා. ඒ අනුව, රුපියල් මිලියන 13,094 ක ආදායම් හිඟයක් පවතින බැවින්, සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බවයි විදුලිබල…

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු, ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබෙනවා. ලැබුවා වූ 2026 නව වසරේ පළමු පොහොය දිනයද මෙයයි. බුදුරජාණන් වහන්සේ විසින් මහියංගනයට වැඩම කර, යක්‍ෂයන් දමනය කිරීම අද වැනි…

අද කාලගුණ නිවේදනය

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන්, ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති…