News Editor

News Editor

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම කැඳවීම සිදුකර…

කොහුවල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සිව්දෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.…

මාරක අනතුරු කිහිපයක් – පස්දෙනෙක් මරුට

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් තරුණයින් දෙදෙනෙකු, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (03) මෙම අනතුරු සිදුව තිබුණේ මාරවිල, මීගහතැන්න, නොච්චියාගම, කැස්බෑව සහ බේරුවල යන පොලිස් වසම්වලදීය. මාරවිල පොලිස් වසමේ, තිසේරාපුර සිට අඩප්පර…

මධුරෝගේ උප ජනාධිපතිනිය වෙනිසියුලාවේ නව නායකයා ලෙස දිවුරුම් දෙයි

වෙනිසියුලානු උප ජනාධිපතිනිය වූ 57 හැවිරිදි ඩෙල්සි එලොයිනා රොඩ්‍රිගස් ගෝමස් එරට නව නායකයා ලෙස දිව්රුම් දුන් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. දිවුරුම් දුන් ඇය එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට එකඟ වන බව ජනාධිපති ට්‍රම්ප් සදහන් කර ඇත. ඇය එක්සත් ජනපද…

ඉදිරි දිනවල වැසි තත්ත්වයේ ඉහළ යාමක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතී. මේ හේතුවෙන් හෙට(05) සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,…

“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඇරඹේ

“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානතවයෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ(03) ආරම්භ විය. ශ්‍රී ලංකා මැණික්…

වෙනිසියුලාවේ පාලනය අමෙරිකාව විසින් සිදු කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි

ආරක්ෂිත, නිසි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පාලනය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අද දිනයේ අමෙරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් යන දෙදෙනාම අත්අඩංගුවට ගෙන…

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන රටින් පිටතට රැගෙන යයි

වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් තහවුරු කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.  “අමෙරිකාව විසින් වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති…

ජනවාරි 15 සිට රට පුරා රථ වාහන දඩ GovPay හරහා ගෙවීමට අවස්ථාව

දිවයින පුරා එළැඹෙන 15 වනදායින් පසුව Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි. කොළඹදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව…

වෙනිසියුලාවට ප්‍රහාර එල්ලවූයේ අමෙරිකාවෙන්

වෙනිසියුලාවේ කරකස් අගනුවර සිදුවූ පිපිරීම් මාලාව ප්‍රහාරයක් බවත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබා දී ඇති බවත් BBCය තහවුරු කර තිබේ. එරට වේලාවෙන් අද (3) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි. ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ වෙනිසියුලානු…