News Editor

News Editor

හොරණ නගර සභාවේ ලිපිකරුවෙක් කොතලාවල වැවේ ගිලී මිය යයි

කොතලාවල උයන්වත්ත වැවේ ගිලී විවාහක පුද්ගලයෙක් ඊයේ (24) මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසනවා. මියගිය පුද්ගලයා ඉංගිරිය, ඇඳුරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ නගර සභාවේ ලිපිකරුවකු ලෙස සේවය කළ සජිත් රසාංග නමැති 34 හැවිරිදි පුද්ගලයෙක්. මරණකරු රැකියාවට ගොස් නිවෙසට පැමිණ අවශ්‍යතාවයක් සඳහා…

අධ්‍යක්ෂ ජනරාල්ට ලේකම්වරයා දුන් සේවා දිගුව ඇමති අවලංගු කරයි

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එච්.පි. නිරෝෂාන්ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු කර තිබූ අතර, එය විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අවලංගු කර තිබෙනවා. බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි විදෙස්…

රජරට රැජින දුම්රියේ ගින්නක්

අනුරාධපුරය සිට බෙල්ලඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබේ. අනුරාදපුර දහයියාගම ප්‍රදේශයේදි අද(25) අලුයම 5.30ට රජරට රැජින දුම්රියේ මෙලෙස ගින්නක් ඇතිව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න දුම්රියේ එන්ජිමේ හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති…

2026 විසර්ජන පනත් කෙටුම්පතට CoPF අනුමතිය

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) අනුමතිය හිමිවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම රැස්වීමට එක්ව සිටි මුදල්…

අධික වැස්ස නිසා දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළට

පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන් වෙත අධික වර්ෂාපතනයක් ලැබුණු බවය. එමෙන්ම කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතවද…

තායිලන්තයේ මව් රැජින සිරිකිත් මිය යයි

තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින මියගොස් ඇත. මියයන විට ඇය 93 වන වියේදී පසු වූ අතර මියයාමට හේතුව රුධිර ආසාදනයක් බව වාර්තා වේ. සිරිකිත් රැජින 2016 දී මියගිය තායිලන්තයේ දීර්ඝතම රජකම් කළ රජ භූමිබෝල් අදුල්යාදේජ් රජු සමඟ දශක…

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී T-56 පතරොම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී T-56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (24 ) සවස ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. එහිදී T-56 ජීව පතරොම් 08 ක්…

අද කාලගුණ නිවේදනය

අද දිනයේදී (25) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද යන පළාත්වලත්, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි…

ශුද්ධ පොලී ආන්තිකය අඩු කිරීමට මහ බැංකුවෙන් පියවර

බැංකු පද්ධතියේ ශුද්ධ පොලී ආන්තිකය (Net Interest Margins – NIM) දැනට පවතින සියයට 4 ඉක්මවූ මට්ටමේ සිට පහළ දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු සමග එක්ව කටයුතු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (23)…

වරායේ රැකියාවක් ලබා දීමට අල්ලස් ගත් චෝදනාවට දෙදෙනෙක් අත්අඩංගුවට

ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු වන රුප්පේ ගෙදර මදුෂ දිලිපන ජයසූරිය සහ නිවාස ඉදි කිරීම් අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායකගේ කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකු වූ ඉන්දික බණ්ඩාර විජේසුන්දර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින්.…