News Editor

News Editor

දුම්කොළ සහ දුම්වැටි හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ මරණ 22,000ක්

දුම්කොළ සහ දුම්වැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව මරණ 22,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙරට සිදුවන මරණ වලින් 83%ක් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන අතර දුම්කොළ භාවිතය එහි ප්‍රධාන අවදානම්…

අන්තර්ජාලය හරහා සිදුකරන වංචා වැළැක්වීමට නව වැඩපිළිවෙළක්

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුවන වංචාවන් වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවය.

ගංවතුර සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව අනතුරු ඇඟවීමක්

ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබේ. ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව සඳහන්ව ඇත්තේ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ…

ජනවාරි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ජනවාරි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් සංශෝධනය නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වයන් අනුව ගෑස් මිල ඉහළ දැමීමට අවශ්‍යතාවයක් පවතින බව සඳහන් කළද, රට තුළ පවතින ආර්ථික හා සමාජ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේ…

මහ බැංකුවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 6.82ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.82 දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය 2025 දෙසැම්බර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් ඇති බව නවතම…

කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පෙරහර අද

ඓති­හා­සික කැල­ණිය රජ­මහා විහා­රයේ වාර්ෂික දුරුතු මහා පෙර­හර මංගල්‍ය අද (08) ආරම්භ වේ. අද (08) උඩ­ම­ළුව පෙර­හ­රත්, හෙට (09) පහත මළුවේ පෙර­හ­රත්, 10 වැනිදා රන්දෝලී පෙර­හ­රත් වර්ත­මාන විහා­රා­ධි­පති ආචාර්ය කොල්ලු­පි­ටියේ මහින්ද සංඝ­ර­ක්ඛිත හිමිගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් පැවැ­ත්වී­මට කට­යුතු සූදා­නම් කර ඇතැයි කැල­ණිය…

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ ප්‍රශ්න­ගත පාඩම ඉවත් කරයි ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ

ගැට­ලු­කාරී තත්ත්ව­යක් ඇතිවූ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ නුසු­දුසු වෙබ් අඩ­වි­යක් අඩංගු වී තිබූ පාඩම ඉවත් කිරී­මට ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ අධ්‍ය­යන උප­දේ­ශක මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලබාදී ඇතැයි අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07)…

අනතුරක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්තකන්ද ප්‍රදේශයේ ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන අතර, ඒ නිසා කාර්යාල දුම්රිය 05 ක් පමණ ප්‍රමාද වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද කාලගුණ නිවේදනය

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3 සහ දේශාංශ 86.0 ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව,…

හෙට දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) දිනයේ දී මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්…