News Editor

News Editor

වැසිත් සමග ප්‍රධාන සහ මධ්‍යම පරිමාණ ජලාශ 50ක් වාන් දමයි

පවතින වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 26ක් සහ මධ්‍යම පරිමාණ ජලාශ 24 ක් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ වනවිට කලාවැව, කණ්ඩලම වැව සහ මාදුරුඔය, රාජාංගනය යන ජලාශ ද මේ අතර…

අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි සුජීව සේන­සිං­හට නියෝග

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ මහ­තාට අයත් බව කියන රුපි­යල් කෝටි දහ­යක් පමණ වටිනා සුඛෝ­ප­භෝගී V8 වර්ගයේ මෝටර් රථය සම්බ­න්ධ­යෙන් මෝටර් රථ ආඥා පනත යටතේ රථ­වා­හන අධි­ක­ර­ණය හමුවේ නඩු පවරා ඇති බැවින් ලබන 29 අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­න්නැයි කොටුව මහේ­ස්ත්‍රාත්…

දිට්වා සුළි කුණාටුව පිළිබඳ “ජාතික දෘශ්‍ය වාර්තාව” සඳහා ඡායාරූප එක් කිරීමට වෘත්තීය, ආධුනික ඡායාරූප ශිල්පීන්ට සහ මහජනතාවට විවෘත ආරාධනයක්

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බලපෑම සහ යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය පිළිබඳ ජාතික දෘශ්‍ය වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව කටයුතු යොදා තිබෙන අතර මේ සඳහා ඡායාරූප ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මාධ්‍ය…

රුපියල් 50,000ක අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙකු අත්අඩංගුවට

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව රුපියල් 50,000ක අල්ලස් ගත් තාක්ෂණික නිලධාරිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිලිකරු විසින් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කර දීමට අවශ්‍ය…

ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

මෙම වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉකුත් 2025 වසරට සාපේක්ෂව වැඩි වනු ඇති බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. එම වාර්තාවලට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයට ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 4,931 ක් වුවත් මෙම වසරේ ගත වූ දින 6ට…

ශ්‍රී ලංකාව ජර්මනිය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහතග කරන ලද ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 188 ක් පමණ වන බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ. මේ හරහා ජර්මනිය හා ශ්‍රී…

එක්සත් ජාතීන්ගේ සංවිධාන රැසකින් ඉවත් වීමට ට්‍රම්ප්ගෙන් නියෝග

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික අවශ්‍යතාවලට පටහැනිව ක්‍රියා කරන බව පවසමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන 66කින් වහාම ඉවත් වීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. ඒ අනුව, ලෝකයේ ප්‍රධානතම දේශගුණික ගිවිසුම වන දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය (UNFCCC)…

ආපදා නිවාස වන්දි ලබාදීම හෙටින් ඇරඹේ

ආපදාවෙන් පූර්ණ හානි සිදුවූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිරිකිරීමේ වැඩපිළිවෙළක් හෙට (09) අනුරාධපුරයෙන් සහ කුරුණෑගලින් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මුදල් සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තුවේදී ඊයේ එක්වෙමිනුයි…

කොළඹ කොටස් වෙළෙඳපොළේ 130 වසරක ඉතිහාසයේ අර්බුධකාරී දිනය ඊයේ

සිය 130 වසරක ඉතිහාසය තුළ දරුණුතම සහ අපකීර්තිමත්ම සිදුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (07) මුහුණ දුන්නා. අලුතින් ලැයිස්තුගත වූ සමාගමක කොටස් ගනුදෙනුවකදී සිදු වූ බරපතළ දෝෂයක් හේතුවෙන් එදින සිදු වූ සියලුම ගනුදෙනු අවලංගු කිරීමටයි බලධාරීන්ට සිදුවුණේ. රුපියල් 7.00කට නිකුත් කළ…

ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 300ක් දුරින්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබේ. එම පද්ධතිය මේ වනවිට පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණ දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ නැගෙනහිර වෙරළට ළඟාවෙනු…