News Editor

News Editor

කුලියාපිටියේ රැඳවියා සරමෙන් ගෙල වැලලාගෙන මියයයි

කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ (29) දහවල් ඇඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. සැකකරු ගෙල වැලලාගෙන තිබෙන බවට දැනගත් පසු ඔහුව රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණා. නමුත්, ඒ වනවිටත් සැකකරු මියගොස් සිට තිබෙනවා. මෙලෙස…

21 රැළියට පෙර තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව ගම්මන්පිල කියයි

ලබන මස 21 වැනිදා මහජන හඬ යන නමින් විපක්ෂයේ පක්ෂ නුගේගොඩ පැවැත්වීමට සූදානම් කර ඇති ජන රැළියට පෙර තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළා. ඒ කොළඹ ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක එක්වෙමින්.…

මාස 10ට 3253ක් කොරියාවට

වසරේ ගතවූ කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා තරුණ තරුණියන් 3,253 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ ඊයේ දිනයේ ද 72 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා පිටව ගිය බවයි. මෙම රැකියාලාභීන්ට වසර 4 මාස 10ක කාලයක්…

ඉන්දීය වීසා සම්බන්ධ සේවා ගැන දැනුම්දීමක්

ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සෘජුවම මෙහෙයවන බව එම කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, වීසා ආශ්‍රිත කටයුතු සිදුකරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා…

මෙලිසා කැරිබියානු දූපත් වනසයි

‘මෙලිසා’ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි. මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙසින් සැලකෙන ‍මෙලිසා සුළි කුණාටුව සමග ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම…

ගිනිකොනදිග මුහුදේ දී ධිවර යාත්‍රාවක් අනතුරට

මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, අදාළ නෞකාව මේ වන විට බහුදින ධීවර යාත්‍රාව අනතුරට පත් වු ස්ථානය…

ආසියාවේ වැඩිහිටි ජනගහනයේ වැඩිම වර්ධනය ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය සඳහන් කළේ, 2012 වසරේ දී මෙරට වැඩිහිටි ජනගහනය සියයට 12ක් වූ අතර එය 2024 වසරේ දී…

විෂ මත්ද්‍රව්‍ය මඩින, රටම එකට ජාතික මෙහෙයුම අද ආරම්භ වෙයි

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” ජාතික මෙහෙයුම් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, අද පෙරවරු 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. රට…

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබුණු ගිනි අවියක් රැඳවියෙක් විසින් සොරා ගනියි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් ඊයේ (29) පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට එක් බන්ධනාගාර රැඳවියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස අධිකරණයේ ඉල්ලීම මත, ප්‍රජා විශෝධන කාර්යයන් සඳහා ගල්කිස්ස අධිකරණයේ ගබඩාව පිරිසිදු කිරීම සඳහා ඊයේ දිනයේදී රැඳවියන් තිදෙනෙකු පැමිණ තිබෙනවා. ඉන්…

අද කාලගුණ නිවේදනය

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ. තද සුළංවලින් සිදුවන…