News Editor

News Editor

දකුණු ඉන්දීය සාගරයේ භූ කම්පනයක්

අද (01) අලුයම් කාලයේ ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0 ක භූ කම්පනයක් හටගෙන ඇති බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා. එම භූ කම්පනය ඉන්දියානු සාගරයේ දකුණු ප්‍රදේශයේ කිලෝමීටර් 10 ක් පමණ පොළව අභ්‍යන්තරයේ හටගෙන ඇති බවයි…

කුච්චවේලී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කුච්චවේලී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුලතිව්, මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදුකළ පැමිණිල්ලක් මත, රුපියල් ලක්ෂ පහක අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධව සභාපතිවරයා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සභාපතිවරයාගේ පුද්ගලික රියදුරු ද අල්ලස් කොමිසම…

අද කාලගුණ නිවේදනය

අද (01) දිනයේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව යන පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ…

CEYPETCO ඉන්ධන මිල සං‍ශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුපිරි ඩීසල් – රු.05 කින් (නව මිල රු.318) අඩු වූ මිල සහ නව…

කලවාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි…

වෙළෙඳ අමාත්‍යවරයා ත්‍රිපෝෂ සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ජා-ඇල පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වී තිබෙනවා. එහිදී කර්මාන්ත පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව වත්මන් සභාපති අමල් අත්තනායක සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ත්‍රිපෝෂ සමාගම පිළිබඳව හඳුන්වා…

බැකෝ සමන්ගේ බිරිඳට ඇප

රිමාන්ඩ් භාරයට පත් කර සිටි ‘බැකෝ සමන්’ නැමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නැමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (31) කැඳවූ අවස්ථාවේදී සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ…

වැල්ලවාය මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කෙරේ

ඊයේ (30) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායකගේ වැඩ තහනම් කර තිබෙනවා. එම මහේස්ත්‍රාත්වරයාගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳව පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත පැමිණිලි සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. එම පැමිණිල්ල අනුව, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්…

STC හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා ඇප මත මුදා හරියි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු…

මරදානේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

මරදාන, ජයන්ත වීරසේකර මාවතේ ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොමුකර ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.