News Editor

News Editor

බ්‍රිතාන්‍ය දුම්රියක් තුළ පිහි ඇනුමක් – 09කට බරපතලයි

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්ෂයර් ප්‍රදේශයේ දුම්රියක් තුළ සිදුවූ පිහිඇනුම් සිද්ධියකින් පුද්ගලයන් 10 දෙනෙකු රෝහල්ගත කර ඇත. ඉන් 09 දෙනෙකු ගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිද්ධිය වාර්තා වන්නේ ඩොන්කැස්ටර් සිට ලන්ඩනයේ කිංස් ක්‍රොස් දක්වා ධවනය වූ දුම්රියකය. සිද්ධිය සම්බන්ධයෙන්…

වතිකාන රාජ්‍ය සබඳතා ලේකම් පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ලංකාවට එයි

වතිකාන රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් (Paul Richard Gallagher) නොවැම්බර් 3 වැනිදා සිට 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආධ්‍යාත්මික ගමනට නිහඬ වටිනාකමක් එක් කරන මොහොතක් ලෙසද සැලකේ…

මන්ත්‍රීවරු 20ක් ගිනිඅවි ඉල්ලති

තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉල්ලීම් සිදුකර ඇති බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි. අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සඳහන් වේ.…

රටම එකට මෙහෙයුමෙන් ඊයේ (31) සැකකරුවන් 1076ක් දැලේ

“රටම එකට” මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික මෙහෙයුම මඟින් විෂ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 1076 දෙනකු ඊයේ (31) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නිතීවේදී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරනවා. මෙම සැකකරුවන් අතුරින් දෙදෙනකු නීති විරෝධී වත්කම්…

දින 77ක් මයික් එක ලබා නොදීම ගැන අර්චුනා ජාත්‍යන්තරයට ගතු කියයි

තමාට එල්ල වූ අසාධාරණකම් කිහිපයක් සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමය(IPU) හමුවට ගොස් සාක්ෂි ලබා දුන් බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කරනවා. තමා මේ දිනවල ජිනීවා නුවර සිටිමින් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ කමිටුවට ගොස් අදාළ සාක්ෂි…

බුවනෙකබා රාජ සභා මණ්ඩපයටම ඇවිත් නි. ඇමති නාමල් කී කතාව

ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවට එරෙහිව ගොනු කළ නඩුව ඉවත්කරගත් බවට කරන චෝදනාවල කිසිදු පදනමක් නැතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ නඩුව අවසන් වූයේ…

උසස් පෙළ උපකාරක පන්ති නොවැ. 04 මැදියම් රැයෙන් තහනම්

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම නොවැම්බර් 4 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන,…

විදෙස් රැකියා ලබාදෙන මුවාවෙන් කෙරෙන වංචා ඉහළට

සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ යූටියුබ් නාලිකා මගින් විදේශ රැකියා සඳහා මුදල් වංචා කරන සිදුවීම් ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ, ව්‍යාජ දැන්වීම් පළ කරමින් සිදු කරන වංචා සම්බන්ධයෙන් මේ වනවිටත්…

ඥාති සහෝදරිය ඝාතනය කළ අයෙක් සොයා විමර්ශන

ගලකින් ගසා ඥාති සහෝදරිය ඝාතනය කළ බව කියන තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අහුංගල්ල පොලිසිය පවසනවා. අහුංගල්ල පොලිස් වසමේ පාතේගම ප්‍රදේශයේදී ඊයේ (31) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බවත් පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති…

මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැකපිට හය දෙනෙක් මුහුද මැදදී අල්ලයි

මත්ද්‍රව්‍ය රැගෙන යන බවට සැකපිට බටහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගේ බහුදින ධීවර යාත්‍රාව ද භාරයට ගෙන අති බවයි සඳහන් වන්නේ.