News Editor

News Editor

ජනාධිපති අරමුදලෙන් ඌව පළාතේ උසස් පෙළ විශිෂ්ටයින් අගයයි

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන අද (02) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.…

කෙන්යාවේ නායයෑමකින් 21ක් මරුට

කෙන්යාවේ රිෆ්ට් ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 21දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 30දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවය. එමෙන්ම නායයෑම් තත්ත්වය හේතුවෙන් එරට මාර්ග රැසක් වසා දමා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන…

පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි ?

අයවැය කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාවකට අවතීර්ණ වීමට සුදානමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහ ගතකිරීම සම්බන්ධ කමිටු වර්තාවට විරෝධය පලකරමින් එහි සේවකයින් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සුදානමින් පසුවන බව සඳහන් වේ. ප්‍රතිව්‍යුහගතකරණය කිරීම…

පොදු ප්‍රවාහන සේවා පිළිබඳ දත්ත රැස් කිරීම අරඹයි

ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, කාර්යාල සේවා සහ විශේෂ සංචාරක බස් රථ පිළිබඳ දත්ත රැස් කිරීම ඊයේ(01) සිට ආරම්භ කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. මෙම සේවාවන් සඳහා ගාස්තු තීරණය කිරීම, රෙගුලාසි නිර්මාණය කිරීම සහ මාර්ගෝපදේශ සකස් කිරීම මෙහි…

වනාන්තර පද්ධතිවලට සිදුවන හානි 1995ට කියන්න

ශ්‍රි ලංකාවේ වනාන්තර පද්ධතිවලට සිදුවන හානි සම්බන්ධයෙන් දැනුම්දීමට “වන සුරැකුම්” නමින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයක් හෙට (03)විවෘත කෙරෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි . අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්…

වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණයට නවක වදය හේතු බවට ඥාතීන්ගෙන් චෝදනාවක්

වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් ඔක්තෝබර් 31 වැනි දා රාත්‍රියේ හට ගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මිය ගොස් තිබුණේ අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස්. නිර්මාල් වික්‍රමදාස…

2007න් පසු උපන් අයට මාලදිවයිනේ දුම්පානය තහනම්

මාලදිවයින විසින් 2007 ජනවාරි 1 වන දින හෝ ඉන්පසුව උපත ලැබූ ඕනෑම පුද්ගලයෙකුට එරට තුළ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීම, භාවිතා කිරීම හෝ ඔවුන්ට අලෙවි කිරීම තහනම් කර තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙම තහනම පසුගිය සෙනසුරාදා සිට බලාත්මක වූ බවයි.…

සංචාරක පනතේ වෙනසක්

සංචාරක කර්මාන්තය තවදුරටත් නගා සිටුවීම සඳහා සංචාරක පනත සියලු‍ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සංශෝධනයට පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යාවසායක සංගමයේ 18 වන මහා සභාවාරයට කොළඹදී එක්වෙමින්…

‘Air Japan’ ලබන වසරේ සිට නවතී

ජපන් ගුවන් සේවා සමූහයක් වන ANA (All Nippon Airways), සිය අඩු වියදම් ගුවන් සේවා සන්නාමයක් වන Air Japan හි සියලුම ගුවන් මෙහෙයුම් 2026 වසරේ මාර්තු මාසයේ සිට නවතා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආසියානු මාර්ගවල අඩු…

බොයිලේරුවක් පුපුරා තරුණයෙක් මරුට

යටියන්තොට කිර්පෝරුව වතුයායේ රබර් කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පුපුරා ගොස් තිබෙනවා. එම පිපිරීමෙන් 25 හැවිරිදි තරුණයෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව‍යි පොලිසිය සඳහන් කළේ.