News Editor

News Editor

මෙරටට හොරෙන් ගෙනා ජංගම දුරකතන 525ක් උපාංග තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද ජංගම දුරකතන 525ක් සහ උපාංග තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (07) වැල්ලම්පිටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය පොලිස්…

දිඹුලාගල සෙල්ලිපියෙන් ක්‍රි.පූ. දෙවැනි සියවසේ තොරතුරු රැසක්

මෙරටින් මෙතෙක් හමු වූ විශාලතම සෙල්ලිපියෙන් ක්‍රි.පූ දෙවැනි සියවසේ හෝ ඊට පෙර සමයක විසූ දේශපාලන චරිත රැසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වනු ඇතැයි ඒ සෙල් ලිපිය කියවීමේ කමිටුවේ සම සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ…

යුක්‍රේන හමුදා ප්‍රධානියාව නෙරපයි

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි විසින් එරට සන්නද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් නෙරපා හැර තිබේ. යුක්‍රේන – රුසියා යුද ගැටුම ආරම්භයේ සිට යුක්‍රේන යුද ප්‍රයත්නයට නායකත්වය දුන් ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ජෙනරාල් වැලෙරි සලුස්නි අතර මාස කිහිපයක සිට…

මිරිහානේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවෙයි

මිරිහාන, ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසක් තුළ මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවට සැකකෙරෙක මියගිය යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි. ඒ එම ප්‍රදේශයේ අසල්වැසියෙකු විසින් එම නිවසේ දින කිහිපයක සිට දුඟදක් හමන බවට මිරිහාන පොලිසියට කළ දැනුම් දීමකට…

SL vs AFG 1st ODI : එක්දින තරගාවලිය අද ආරම්භ වෙයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (09) ආරම්භ වනවා. පළමු එක්දින තරගය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පහතින්.

අද කාලගුණ නිවේදනය

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

ජූලි මාසය වන විට ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පැෆරල් සංවිධානය

පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ වෙනුවට ජයග්‍රහණය කළ හැකි යැයි සිතන මැතිවරණ පැවැත්වීමට රජයේ වැඩි අවධානයක් යොමුව ඇති බව පැෆරල් සංවිධානය පවසනවා. ජනාධිපතිවරණය මෙම වසරේ පැවැත්විය යුතු බවත්, එය තීරණය කරන්නේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොව මැතිවරණ කොමිසම…

පෙබරවාරි මුල් දින හතර තුළ සංචාරකයින් 28,493 ක් දිවයිනට

2024 පෙබරවාරි මාසයේ මුල් දින 4 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 28,493 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 236,746 ක් බවයි සිය වාර්තාව…

අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ i-Hub නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස (08) ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ i-Hub නවෝත්පාදන මධ්‍යස්ථානයේ (Innovation Hub) සංචාරයක නිරත වී තිබෙනවා. ශිෂ්‍යයන්ට හා ආධුනික ව්‍යවසායකයින්ට උපදේශන සේවා, විද්‍යාගාර ඇතුළු යටිතල පහසුකම් සපයන සහ…

ඉන්දියාවට මටත් දහ සැරේකට වැඩිය ආරාධනා කරලා ගිහිං තියෙනවා – නිමල් සිරිපාල

එදා ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් විරුද්ධ වූ පිරිස් අද වන විට ඉන්දියාව ඉදිරියේ දණ ගසා ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. තමන්ද විවිධ සම්මන්ත්‍රණ සඳහා ආරාධනා ලැබ දස වතාවකට වඩා රට නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් ඇති බවයි (08) පැවති…