News Editor

News Editor

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (08) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට…

කොටහේනේ වෙඩිතැබීමේ තවත් තොරතුරු

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (07) සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අපරාධ කල්ලි සාමාජික බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් “පූකුඩු කන්නා” නැමැත්තාගේ ගෝලයෙකු බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ. කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ රාත්‍රීයේදී  සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් පැමිණි…

”අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක්” – චාමර සම්පත්

මෙවර අයවැය අනුන්ගේ කලිසම තමන්ගෙ වගේ ඇඳගෙන යන අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ අයවැය යෝජනාවලියෙන් පසුව මාධ්‍ය අමතමින්. ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. ”2025 අයවැය යෝජනා 57ක් තිබ්බා, මේ 57න් 29යි…

හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

ගාල්ල, සීනිගම තෙල්වල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (8) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.  යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමග එක්ව සිදුකරන ලද…

මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට

කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඩුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට…

‘ගනේමුල්ල සංජීව‘ ඝාතනය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09ක්

පාතාල කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ ක්‍රියාදාමය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනාගෙන් 04 දෙනෙකු විදේශ රටවලට පලා ගොස්…

ශ්‍රී ලංකාවේ එක්දින –විස්සයි20 සංචිත නම් කරයි

පාකිස්තානයේදී මෙම මස 11වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලියට සහ පන්දුවාර විස්සයි20 තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ. ආබාධයන්ට ලක්ව සිටීම නිසා වේග පන්දුයවන මතීෂ පතිරණට සහ ඩිල්ෂාන් මධුසංඛට පිළිවෙළින් විස්සයි20 සහ එක්දින සංචිතවල ස්ථාන…

කොටහේන වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මරුට

කොළඹ, කොටහේන ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් කාර් රථයකින්…

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ ජේම්ස් වොට්සන් මිය යයි

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු නොයෙසේනම් සම සොයාගැනීම් කරුවෙක් වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්තවේ. මිය යන විට ඔහු 97වන වියේ පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNA හි ද්විත්ව හෙලික්සීය ඔහු…

විදේශ ඇමති විජිත හේරත් අද සෞදි අරාබි නිල සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (08) සිට නොවැම්බර් 11 දක්වා සෞදි අරාබියේ රියාද් නුවර නිල සංචාරයකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) 26 වන සැසිවාරයට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා මෙම සංචාරය…