News Editor

News Editor

ජනතාව තීරණය කළාම ගෙදර යන්න සූදානම්  – අගමැති හරිනි

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ වාර්ෂික හමුවට සහභාගීවූ…

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ එම සැකකරුවන්ට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන…

ලයිට් කණුවේ කුඩු හංඟන මත් ජාවාරමෙක් දැලේ

කඩුගන්නාව ප්‍රදේශයේ මත්කුඩු බෙදා හරින ප්‍රධාන ජාවාරම්කරු ඊයේ (22) අලුයම 1.00 ට පමණ යතුරු පැදියකින් ගොස් ගැනුම්කරුවන්ට ලබා ගැනීම සඳහා විදුලි කණු අසළ මත්කුඩු පැකට් සඟවමින් සිටියදී හෙරෝයින් ග්‍රෑම් 30 ක් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා. විදුලි කණු…

කපමින් සිටි තේක්ක ගසේ අත්තක් ඔළුවට වැටී අයෙක් මරුට

දොඹගහවෙල ඇල්ලලන්ද ප්‍රදේශයේ කපමින් තිබූ තේක්ක ගසක් අදිමින් සිටි අයෙකුගේ හිස මතට එම ගසේ අත්තක් වැදීමෙන් බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ දොඹගහවෙල, ඇල්ලලන්ද පදිංචි ආර්.එම්. ජයතිස්ස (52) නමැති…

යුද ගිනි නිවන්නට අමෙරිකාව, රුසියාව සහ යුක්‍රේනය ප්‍රථම වරට එකම මේසයකට

වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ ඇවිලෙමින් පවතින රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඉතිහාසයේ ප්‍රථම වතාවට අදාළ පාර්ශවයන් එකම සාකච්ඡා මේසයකට ගෙන ඒමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සමත්ව තිබෙනවා. ඒ අනුව, අද (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි…

අයෝජන මණ්ඩලයේ සභාපතිවරයා තනතුරින් ඉවත් වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ මස 31 වනදා දක්වා පමණක් තමන් ධූරයේ රැදී සිටින බවයි. ආණ්ඩුවේ ඉල්ලීම පරිදි සීමිත කාලයක් සදහා මෙම ධූරය භාරගත් බවත්…

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන බස් රියදුරන් අල්ලන මෙහෙයුමේදී හෙළි වූ දේ

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහායකයින් හඳුනා ගැනීම සඳහා පසුගිය 21 වැනිදා ආරම්භ කළ ජංගම රසායනාගාරය මගින් පරීක්ෂා කළ බස් රියදුරන් 56 දෙනෙකුගෙන් 10 දෙනෙකුම විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි හෙළිවූ බව ප්‍රවාහන…

යළිත් ඉතිහාසය වෙනස්කළ ලෝක රන් මිල

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,955.74ක් ලෙස සටහන් ව ඇති බවය. එය මෙතෙක් වාර්තා වූ ඉහළම රන් මිල ලෙස සටහන් වේ. මේ අතර, ප්‍රමුඛ ආයෝජන…

අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක්

අද (23) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.0ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බණ්ඩාරවෙල ප්‍රදේශයේ අද අලුයම සටහන් වූ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.5ක් බවද, බදුල්ල ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක…

ඇස් රෝහලේ වැඩ වර්ජනයෙන් රෝගීහු දැඩි අපහසුතාවට

වෛද්‍යවරුන් දෙදෙනකුට ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ තත්වයක් මුල්කර‍ගෙන කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22) ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීහු දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්වූහ. මෙම වැඩ වර්ජනය ඊයේ (22) උදෑසන…