News Editor

News Editor

Rebuilding Sri Lanka වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අඛණ්ඩව

Rebuilding Sri Lanka වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය අඛන්ඩව ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්ච් ( Marc-Andre Franche) මහතා ප්‍රකාශ කර  ඇත.   ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සමග ඊයේ (23) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති හමුවකදී…

පළාත් කිහිපයකට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

දකුණු මුහුදේදී අල්ලු මත්ද්‍රව්‍ය යාත්‍රා තුළ රු. මිලියන 4,500කට අධික මත්ද්‍රව්‍ය

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක තුළ තිබී කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව ද වාර්තා වේ. මෙම…

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 50,000 දීමනාව 70%කට ගෙවා අවසන්

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම ජන ජීවිතය යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන වන්දි මුදල් නිසි කළමනාකරණයකින් යුතුව එම ජනතාව වෙත ලබා දීම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතී. ඒ අනුව, දිට්වා සුළි…

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල පස්වරු…

වෙසක් රාජ්‍ය උත්සවය මැයි 30 වැනිදා

මෙම වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කර තිබේ. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පොහොය කමිටුවේ නිර්දේශ…

එජාපය සහ සජබය අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් තීරණාත්මක සාකච්චාවක් අද (24) පවත්වා තිබේ. අද පෙරවරුවේ මෙම සාකච්ඡාව කොළඹදී පැවැති අතර ඊට සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහ ලේකම් රංජිත්…

නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ

2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව වනස්පති ජාතික වැඩසටහන යටතේ හෙක්ටයාර 40,684.99 ක විශාලත්වයක් සහිත ලංකාවේ දෙවැනි විශාලතම වනාන්තරය වන නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බවට පත් කිරීමට කටයුතු කළ අතර එම රක්ෂිතයක් බවට පත් කිරීමේ ගැසට්පත්‍රය ද නිකුත් වී ඇත. ශ්‍රී…

විදේශ අමාත්‍ය විජිත හේරත් සහ වෙනිසියුලා විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ  (23) වෙනිසියුලා විදේශ කටයුතු අමාත්‍ය ඉවාන් ගිල් පින්ටෝ මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වූ බව විදේශ අමාත්‍යාංශ සඳහන් කරයි.

ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් තුළින් රියදුරන්ගේ මත්ද්‍රව්‍යය භාවිතය පරාජය කරනවා – ප්‍රවාහන ඇමති

මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් තුළින් පොදු ප්‍රවාහනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන දීප…