News Editor

News Editor

මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීම ආරම්භ වෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ තීරණාත්මක රැස්වීම මේ වන විට ආරම්භවී තිබෙනවා. ඒ අනුව ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් හා එහි දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

වෛද්‍ය කපිල වික්‍රමනායක ඇපමත මුදා හැරීමට නියෝග කෙරේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සුදුසු කොන්දේසි මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (25) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබෙනවා. වෛද්‍ය කපිල වික්‍රමනායක විසින්…

විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

2024 ජනාධිපතිවරණය සඳහා තමා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට තමා සමග එක්වන ලෙස ඔහු සෑම ශ්‍රී…

පාන් මිල අඩු කිරීම ගැන තීරණය හෙට

පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් හෙට (26) දිනයේ දී ප්‍රකාශයක් සිදුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දිනයේ දී පැවති බවයි එහි සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ. එහෙත් පාන් මිල…

විශ්‍රාමිකයන්ට රු. 3000ක විශේෂ මාසික දීමනාවක්

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට, වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව ලක්ෂ 7 කට පමණ…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි…

අස්වැසුම දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදායින් අවසන් වෙයි

අස්වැසුම සුබසාධක වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා. මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර, එහිදී අයදුම්පත් 454,924ක්…

මැතිවරණය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට ලංසු කැඳවයි

මැතිවරණයක් සඳහා අවශ්‍ය වන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබෙනවා. ඒ අනුව ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති එම ලංසු එළඹෙන අගෝස්තු 02 වැනි දා විවෘත කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මේ අතර…

කොවිඩ් මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය

COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව රජය සමාව අයැදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. COVID-19 හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශවල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මියගිය තැනැත්තන්ගේ…