Month February 2026

සුරේෂ් සලේ පැය 72ක් රඳවා ගනී

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය පවසයි. සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්…

ඩේසි ආච්චි නඩුවකින් නිදහස්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ…

ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12.00 සිට සවස 6.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, අදාළ වෘත්තීය සමිති විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්…

ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජන හමුව ජූනි 10 පැවැත්වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ පවත්වනු ලබන විශාලතම ආයෝජන හමුව එළඹෙන ජූනි මස 10 වැනි දින පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එම ආයෝජන හමුව හරහා ලෝකයේ සිටින හොඳම ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම්…

ඉහළම බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වරප්‍රසාද කාඩ්පත්

බදු වගකීම් නිරන්තරයෙන් ඉටු කරන වගකිවයුතු පුරවැසියන් ඇගයීම සහ දිරිමත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වරප්‍රසාද කාඩ්පත් ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ජාතික සංවර්ධනයට දායක වන බදු ගෙවන්නන්ගේ කැපවීම, අවංකභාවය සහ පුරවැසි වගකීම…

මිහින්තලේදී යතුරුපැදියක් ගසක ගැටෙයි: 27 හැවිරිදි තරුණයෙක් මරුට

මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම – ගලෙන්බිඳුණුවැව මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (24) රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුව ඇත්තේ පාළුවැව ප්‍රදේශයේදීයි. සීප්පුකුලම දෙස සිට ගලෙන්බිඳුණුවැව දෙසට ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කර ගැනීමට…

මාරාන්තික ඉදල් පහර – බිරිඳ සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට

හොරණ පොලිස් වසමේ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවසකදී  පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ. ඊයේ උදෑසන මෙම ඝාතන සිදුකර ඇති බවට හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එලෙස මියගොස් ඇත්තේ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු අසල…

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ධුරයේ වැඩ අරඹයි

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා අද (25) උදෑසන ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී වැඩභාරගනු ලැබීය.   දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, දකුණු පළාතේ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ආ ව්‍යවස්ථාව ප්‍රකාරව ඊයේ…

ට්‍රම්ප් ජාතිය අමතමින් තීරුබදු අයකිරීම සාධාරණීකරණය කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) සිය ජාතිය අමතමින් ලෝකයේ රටවල් තුළින් තීරුබදු අයකර ගැනීම ඔහු සාධාරණීකරණය කර තිබේ. මේ අතර, එම තීරුබදු අයකර ගැනීම තුළින් සිය රටෙහි ජනතාවට ගෙවීමට සිදුවන ආදායම් බදු ලිහිල් කිරීමට පියවර ගෙන ඇති අතර එය…

ඇමති විජිත හෙට ජර්මනියට

අමාත්‍ය විජිත හේරත් මහතා හෙට (26) ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.  අමාත්‍යවරයා හෙට සහ අනිද්දා (27) දිනවලදී මෙම සංචාරයේ නිරත වෙයි. ජර්මානු – ආසියා පැසිෆික් ව්‍යාපාරික සංගමයේ ජර්මනියේ (OAV) බ්‍රෙමන්…