Month February 2026

ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප්ගේ එකඟත්වය

ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණි බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය…

මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

දිවයින පුරා ස්ථාන කිහිපයකදී සිදුවු අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. අද (03) අලුයම දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමළුව ප්‍රදේශයේදී ස්විස් හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක්…

හොරණ – කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය අද දෙවන දිනටත්

හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිව ඊයේ (02) දින උදෑසන ආරම්භ කළ හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ…

ශිරන්ති රාජපක්ෂ FCIDයට එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) පෙ.ව. 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවත්, පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු…

ශිරන්ති රාජපක්ෂ අද FCID වෙත කැඳවයි, නාමල් රාජපක්ෂ CID වෙත කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද (03) පෙරවරු 9.30 ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, ඇයට මීට පෙර පසුගිය 27 වැනිදා ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ…

කෙහෙළියගේ ඥාති සහෝදරයෙක් වන බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, මුදල් විශුද්ධි කරන චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

ව්‍යවස්ථාව ගැන කතා කරන්න හිටපු ජනපතිවරුන් පස්දෙනාටම ආරාධනා

මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරසේන, ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්ට සහ වර්තමාන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට හෙට(03) පැවැත්වෙන විශේෂ උත්සවයකට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණින් ‘OneText’ ආයතනය විසින්…

ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ධුරය මාලිමාවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබේ. ඒ අද පැවැති ඡන්ද විමසීමේදීය. එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවිය. ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ…