Month February 2026

UPDATE : හේමාල් රණසිංහට ඇප

අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. පුද්ගලයෙකුට පහර දීමේ චෝදනාව මත ඔහු අද…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) දිනයේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් අලුතෙන් නිර්දේශ…

නාමල් CIDයට එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන 10.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

විපක්ෂයේ දේශපාලන ලොක්කන් සජිත් හමුවෙයි

රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මාලිමාකරණය කිරීමේ මෙහෙයුමක ආණ්ඩුව නිරත වන බවට විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් චෝදනා කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (02) පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව සඳහන් කළා. මේ අතර, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත්…

ස්ථිර පත්වීම් ඉල්ලා උපවාසයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් සහ ජනපති අතර අද සාකච්ඡාවක්

තමන්ව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන පාසල් සංවර්ධන නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර අද (03) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මාරාන්තික උපවාසයක් ආරම්භ කළ සංවර්ධන නිලධාරීන් ඊයේ එම ස්ථානයේ විරෝධතාවක ද නිරත වුණා. පාසල් සංවර්ධන…

ලසිත් මාලිංගට T20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා පිලේ උපදේශක තනතුරක්

T20 ලෝක කුසලන තරගාවලියේ මූලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සහ උපායමාර්ග සංවර්ධන උපදේශකයෙකු ලෙස ලසිත් මාලිංග පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ලෝක රන් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ සීග්‍රයෙන් ඉහළ ගිය රන් මිල මේ වන විට පහත වැටීමට හේතුවූයේ ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඇතිකරගත් ගිවිසුම බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය පවසනවා. අද වන විට ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 4737 සීමාවේ පවතිනවා. ඒ අනුව,…

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුවයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විශේෂඥ වෛද්‍ය ඒකක 164ක සේවා අඩාලයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සියලු‍ විශේෂඥ වෛද්‍යවරුන් ආවරණ රාජකාරීවලින් ඉවත්වීමත් සමග දිවයින පුරා විශේෂඥ වෛද්‍ය ඒකක 164ක සේවා අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම තීරණය ගෙන ඇති අතර,…

විදුලිබල මණ්ඩලය ඈවර කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ඒ අනුව මෙම මස අවසානය වන විට ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ අදියර…