Month February 2026

පෙබරවාරි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් සිදු වන්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව, පෙබරවාරි මාසය සඳහා ද ලිට්‍රෝ ගෑස් මිල වෙළෙඳපොළ තුළ මේ වන විට පවතින මිල අනුවම අලෙවිය සිදු වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට අම්බලන්ගොඩදී පොලිසියෙන් වෙඩි තබයි

අම්බලන්ගොඩ පොලිස් වසමේ ආඳාදොළ ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට අද (09) උදෑසන පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා. අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ සැක කටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීම සඳහා පොලිසිය විසින් නැවතීමට සංඥා කර ඇති අතර, එම අවස්ථාවේ ලොරි…

හිටපු ඇමති කෙහෙළියගේ නඩුවක් කල්යයි

දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ. මෙම නඩුව අද (09) කොළඹ…

කාසියේ වාසිය ඉතාලියට

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ ස්කොට්ලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබේ.  තරගයේ කාසියේ වාසිය දිනූ ඉතාලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්තයට ආරාධනා කර ඇත.

බ්‍රිතාන්‍ය අගමැතිගේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර්ගේ ප්‍රධාන ලේකම් (Chief of Staff) මෝගන් මැක්ස්වීනි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අමෙරිකානු ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී ඇති පීටර් මැන්ඩෙල්සන් වොෂින්ටන්හි තානාපතිවරයා ලෙස පත් කිරීමට ගත් තීරණය මෙම…

තායිලන්ත මැතිවරණයෙන් අගමැති අනුටින් චාර්නවිකුල්ට ජය

ඊයේ (08) පැවැති තායිලන්ත මහ මැතිවරණයෙන් එරට වත්මන් අග්‍රාමාත්‍ය අනුටින් චාර්න්විරාකුල්ගේ (Anutin Chavirakul) පාලක ‘භූම්ජයිතායි’ (Bhumjaithai) පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ආසන 500කින් සමන්විත තායිලන්ත පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනෙකුත් ප්‍රධාන පක්ෂ ලබාගත් ආසන සංඛ්‍යාව වන්නේ…

ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩාවැටී 09ක් මරුට

ලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 8දෙනෙකු අතුරුදන්ව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි තවත්…

මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අද 5වන දිනටත්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) පස්වන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි. ට්‍රැක්ටරයකට සවි කරන ලද වින්ච් යන්ත්‍ර මගින් සිදු කරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් පිරිසක් පසුගිය පස්වනදා මෙම සත්‍යග්‍රහය…

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බොරලන්ද රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇති බවට හපුතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. පොලිසිය සඳහන් කළේ ඊයේ (08) සවස් කාලයේ හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය.  මෙලෙස…

දරුවෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

උඩවලව, තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි දරුවාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.  අනතුරින් තුවාල ලැබූ දරුවා…