Month February 2026

වාහන ආන­ය­න­යට අති­රේක බදු පනවා නෑ

වාහන ආන­ය­නය සම්බ­න්ධ­යෙන් අති­රේක බද්දක් පනවා නැතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පා­දන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මේ වන විට සමාජ මාධ්‍ය සහ මහ­ජ­න­තාව අතර ඒ සම්බ­න්ධ­යෙන් දුර්ම­ත­යක් පැති­ර­යාම දක්නට ලැබෙන අව­ස්ථාවේ එහි සත්‍ය…

ඇව­න්ගාඩ් සමාගමෙන් නාවික හමු­දා­වට කෝටි 78ක පොල්ලක්

ඇව­න්ගාඩ් මැරි­ට­යින් පෞද්ග­ලික සමා­ගම 2014 – 2015 කාලයේ දී නාවික හමු­දා­වට ගෙවී­මට තිබූ රුපි­යල් කෝටි 78කට වැඩි මුද­ලක් ගෙවීම පැහැර හැර ඇතැයි ආර­ක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රා­මික මේජර් ජෙන­රාල් අරුණ ජය­සේ­කර මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය. රක්නා ලංකා සහ…

IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා අගමැතිනිය හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. මෙම හමුව ඊයේ (17) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය…

කිරි හරක් වංචා­වට විජිත් විජේ­මු­ණි­ගෙන් FCIDය ප්‍රශ්න කරයි

කිරි ගව­යින් මිලදී ගැනී­ම­කදී සිදුවී ඇති වංචා­වක් සම්බ­න්ධ‍යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් වන විජිත් විජේ­මුණි සොයිසා මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත‍මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය (එෆ්.සී.අයි.ඩී) ඊයේ (17) ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නීති­වේදී උද­ය­කු­මාර වුට්ලර් මහතා පැවැ­සීය. ගැබ්බර…

බංග්ලාදේශයේ නව අගමැති සමඟ ඇමති නලින්ද සාකච්ඡාවක්

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්වුණි. එහිදී, අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයාට උණුසුම් සුභාශිංසන පිරිනැමූ අතර, පසුගිය දිට්වා සුළි කුණාටු…

ජන­පති ඉන්දි­යා­වට

ඉන්දීය අග්‍රා­මාත්‍ය නරේන්ද්‍ර මෝදි මහ­තාගේ විශේෂ ආරා­ධ­නය අනුව AI Impact Summit 2026 සඳහා සහ­භාගි වීමට මෙර­ටින් පිටත්ව ගිය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (17) පස්ව­රුවේ නව­දිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ වෙත ළඟා විය. රාජ්‍ය අමාත්‍ය Shri Raj…

අළු බදාදා දිනය අදයි

අළු බදාදා දිනය අදට (18) යෙදී තිබෙනවා. ඒ අනුව “දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය” යන දේව ප්‍රකාශය සිහිපත් කරමින් කිතුනු බැතිමතුන් මෙම දිනය සමරනවා. අළු බදාදා සමරමින් දිවයින පුරා කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජා පැවැත්වෙන අතර, එම පූජාවේ විශේෂ පිළිවෙතක් ලෙස…

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ සහතිකය සටහන් කර තිබෙනවා. මෙම පනත් කෙටුම්පත 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ලබනවා. ඒ අනුව, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක…

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මාසයක් තුළ හැසිර වූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කරයි

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිර වූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව, ජනවාරි මාසය තුළ ගුවන් මගීන් 1,045,097 දෙනෙකුට සේවා සපයා ඇති…

දුම්රිය රියදුරු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත ව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව යුද හමුදා නිලධාරීන් 20 දෙනකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණය තාවකාලික ව අත්හිටුවීමට පියවර ගැනීමත්…