Month February 2026

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු නිවේදන

දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පෙරවරු 08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ…

ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ නුවරඑළිය වැඩසටහන ඇරඹේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් විහාරස්ථාන නැවත ගොඩනැංවීමේ ජාතික වැඩසටහනේ නුවරඑළිය කේන්ද්‍ර කරගත් වැඩසටහන ඊයේ (19) හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පරිශ්‍රයේ දී ආරම්භ විය. මෙහි සමාරම්භ වැඩසටහන සඳහා ආශීර්වාද කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක…

ජනතාව සූරාකන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට නව නීති

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන මුවාවෙන් ඔවුන් සූරාකෑමට ලක් කෙරෙන අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ආයතන දැඩිව අධීක්ෂණය කිරීමට අවශ්‍ය නව නීති රීති හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගන්නා…

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන යෝජනා දෙන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පළාත් සභා මැතිවරණය කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ ගැන සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද…

ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 1500ක් වෙළෙඳපොළට

ලිට්රෝ සමාගම තම ගෑස් සැපයුම ඉහළ නංවමින් දිනකට මෙට්‍රික් ටොන් 1500ක් වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ වසන්ත සමරසිංහ මහතා, “ගෑස්…

‘පුරප්පාඩු අනුව ඉදිරියේදී ගුරු සේවය සඳහා තවත් බඳවා ගැනීම් සිදු කරනවා’

වතු ආශ්‍රිත පාසල්වල සංවර්ධන කටයුතුවලදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ එක්ව කටයුතු කරන ලෙසත්, පුරප්පාඩු අනුව ඉදිරියේදී ගුරු සේවය සඳහා තවත් බඳවා ගැනීම් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. වතු පාසල් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසදුම් ලබා…

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කළාට අලාභයක් නැහැ

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදිත ඖෂධ පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවියෙන් කිසිදු අලාභයක් ලබා නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කරන ඖෂධ, ඒවා නිෂ්පාදනය කළ අවස්ථාවේ…

ගෑස් හිඟයක් නෑ

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ නිසා අනවශ්‍ය ලෙස මිලදී ගැනීම්වලට යොමු වී කලබලයක් ඇති කර නොගන්නා ලෙස ද සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත…

ජනාධිපති අනුර සහ බ්‍රසීලයේ ජනාධිපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රසීලයේ ජනාධිපති Lula de Silva මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ සිදු විය. නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදු විය.

ප්‍රසිද්ධ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට රූපවාහිනී කතා මාලාවන් වූ ‘Euphoria’ සහ ‘Grey’s Anatomy’ හි චරිත නිරූපණය කළ ප්‍රසිද්ධ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වේ. මියයන විට එරික් ඩේන් 53 වැනි වියේ පසු විය. තමන්ට ස්නායු රෝගයක් (Motor Neurone Disease) වැළඳී ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර…