Month February 2026

ඊශ්‍රායලයෙන් ඉරානය වෙත ප්‍රබල ගුවන් ප්‍රහාරයක්

ඊශ්‍රායලයේ ආරක්ෂාවට එල්ල වී තිබුණු තර්ජන මැඩ පැවැත්වීම සඳහා, ඉරානය තුළ පිහිටි ඉලක්ක වෙත ප්‍රහාරයක් දියත් කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Israel Katz අද (28) නිවේදනය කරනු ලැබුවා. මෙම මෙහෙයුම ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල මධ්‍යස්ථාන ඉලක්ක කර ඇති බවත්, ඊශ්‍රායල…

අද සිට ලාෆ්ස් ගෑස් මිලදී ගත හැකි බවට එම සමාගමෙන් නිවේදනයක්

ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වූ බව එම සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගැස් තොග අද සිට කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ.…

මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් ගමන් අවලංගු කෙරේ, කටුනායක සහ මත්තල සූදානමින්

මැදපෙරදිග කලාපයේ පවතින අවිනිශ්චිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද දිනට නියමිත සියලුම මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු කර ඇති බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා පවසනවා. මේ අතර, මැදපෙරදිග පවතින මෙම තත්ත්වය හේතුවෙන් වෙනත් ගමනාන්ත වෙත පියාසර…

රුපියල් කෝටි 50 කට අධික මත්ද්‍රව්‍ය සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 50 කට අධික වටිනාකමින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අහුංගල්ල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13…

නවීන තාක්ෂණයෙන් යුත් CCTV කැමරා පද්ධති සහිත වෑන් රථ දෙකක් පොලිස් සේවයට

ක්ෂේත්‍ර සෝදිසි මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීනතම CCTV නිරීක්ෂණ කැමරා පද්ධති සහිතව වැඩිදියුණු කරන ලද වෑන් රථ දෙකක් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී මෙම වාහන නිල වශයෙන් භාරදීම…

පාසල් සිසුන් සඳහා ලබාදෙන පාවහන් වව්චර්වල කාලය මාර්තු 15 දක්වා දීර්ඝ කෙරේ

2026 වර්ෂය සඳහා, තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සිල් මාතාවන් වෙත ලබාදෙන රුපියල් 3000/- ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් (වව්චර්) ලබාදීමේ වැඩසටහනේ වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා. එම තිළිණපත්වල වලංගු කාලය අද (28) දිනයෙන් අවසන් වීමට නියමිතව…

දිට්වා වෙනුවෙන් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක්

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක් වෙන් කර තිබෙනවා. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීමට සහ රට පුරා අඛණ්ඩ සහන මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා එම ආධාර මුදල වෙන්කර ඇති බවයි සඳහන් වන්නේ.…

ජින්තුපිටියේ වෙඩි තැබීමේ සිද්ධිය සඳහා ආධාර අනුබල ලබාදුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය 14 වැනිදා ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර, තවත් පුද්ගලයින් 4 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (27) දින කඩවත, සුරියපාළුව ප්‍රදේශයේදී හා වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී මෙම සැකකරු සහ සැකකාරිය…

ග්‍රාම නිලධාරීන් සැලසුම් කළ විරෝධතාවය අමාත්‍යංශ ලේකම් සමග සාකච්ඡාවෙන් පසුව තාවකාලිකව නවතා දමයි

2009/2010 වසරවලදී බඳවා ගත් ග්‍රාම නිලධාරී කණ්ඩායමේ පවතින ශ්‍රේණි ගැටළු සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ නිහඬ විරෝධතාව තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, 2009/2010 කණ්ඩායමේ ග්‍රාම නිලධාරින් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරින් සමග…

අද කාලගුණ නිවේදනය

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ. බස්නාහිර, සබරගමුව,…