Month February 2026

අකුරේගොඩ ඝාතන සිද්ධියේ සැකකරුවෙක් සෙවීමට පොලිසිය මහජන සහාය පතයි

තලංගම පොලිස් වසමේදී අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමමේ අපරාධයට අදාළව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරමින් පවතින විමර්ශනයේදී ලැබී ඇති තොරතුරු මත පදනම්ව සකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය…

බීමත් රියදුරන් අල්ලන්න ඛේට පරීක්ෂණ කට්ටල 36,000ක්

බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමට ඛේට පරීක්ෂණ කට්ටල 36,000ක් දිවයිනට ගෙන ඒමට නියමිතව තිබේ. රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පැවසුවේ, ඉදිරි මාස තුන ඇතුළත එම කට්ටල තොගය දිවයිනට රැගෙන එන බවයි.

සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

සෝමාවතිය – සුංගාවිල මාර්ගය අද (21) පෙරවරුවේ අඩියක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා දැනුම්දී තිබේ. අද පෙ.ව. 9.15ට වන තත්ත්වය සැලකිල්ලට ගෙන නිකුත්කළ අදාළ නිවේදනයට අනුව සුංගාවිල සිට සෝමාවතිය පුදබිම දක්වා වූ මාර්ගය…

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව, නුවරඑළිය – වලපනේ, නිල්දණ්ඩාහින්න, මතුරට හා හඟුරන්කෙත සහ බදුල්ල – මීගහකිවුල, කන්දේකැටිය යන ප්‍රදේශ සඳහා මෙසේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා

වීසා උපදේශන කටයුතු සිදුකරන මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන යමින් මුදල් වංචාකරන සිදුවීම් ගණනාවක් පසුගිය සමයේ වාර්තා වූ අතර, එම ආයතනවලට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් සිදුකරන වැටලීම් පුළුල් කර…

අකුරේගොඩ ඝාතනයට අනුබල දුන් පොල්ගස්ඕවිට ඩිලා දින 90 දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආයුධ ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැති සැකකරු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අවසර ලබාගෙන තිබෙනවා. 28 හැවිරිදි පුද්ගලයෙකු වන…

රුපියල් 5,000 ට අඩු QR ගනුදෙනු සඳහා අතිරේක ගාස්තුවකින් තොරව ගනුදෙනු කිරීමට නුදුරේදීම අවස්ථාව – මහ බැංකු අධිපති

ඉදිරියේදී QR හරහා සිදු කරන ගනුදෙනුවලදී රු. 5,000 ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තුවක් අය නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව, මෙය නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා…

AI Impact Summit 2026 සමුළුවට සහභාගී වූ ජනපති අනුර ඇතුළු නියෝජිත පිරිස යළි මෙරටට පැමිණෙයි

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති කෘතිම බුද්ධිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට (AI Impact summit) සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස එම සංචාරය නිමාවට පත් කරමින්, ඊයේ (20) රාත්‍රී යළිත් මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ (20) රාත්‍රී 10.04 ට…

අද කාලගුණ නිවේදනය : වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද දිනයේදී (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින අතර, වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම්…

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු පැනවීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද දැවැන්ත ගෝලීය තීරුබදු (Global Tariffs) එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබෙනවා. ඒ අනුව, ජනාධිපතිවරයා මෙම බදු පැනවීම සඳහා ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) භාවිත කළ නමුත්, එම නීතිය මඟින් තීරුබදු පැනවීමට ඔහුට…