Month February 2026

මාතර ගන්දර ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකුට තුවාල

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු…

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට මහජන අදහස් විමසීම 25වනදා සිට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසයි. පෙබරවාරි මස 25වනදා සිට මාර්තු මස…

අද පාකිස්ථාන – නවසීලන්ත T-20 තරගය වෙනුවෙන් රථවාහන සැලැස්මක්

අද (21) පැවැත්වීමට නියමිත පාකිස්ථාන – නවසීලන්ත තරගය සමගාමීව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. අද තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 07.00ට ආරම්භ වෙනු ඇති. ඒ අනුව, එම මාර්ග පහතින්, 1) සංඝරාජ මාවත සහ සුමනදිසි…

වරාය පරිශ්‍රය තුළ බහාලු‍ම් ප්‍රවාහන තදබදයක්

වරාය පරිශ්‍රයේ ආනයනික බහාලු‍ම් පිට කිරීමේ අක්‍රමිකතා හා වරායෙන් පිටත අංගනවල ආනයනික බහාලු‍ම් පරික්ෂා කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මේ වනවිට වරාය පරිශ්‍රය තුළ දැඩි තදබදයක් හටගෙන ඇතැයි බහාලු‍ම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ මෙම ගැටලු‍ව…

ලොරියක් ප්‍රපාතයකට පෙරළෙයි

හැටන් – කොළඹ පාරේ ධාවනය කළ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් අද (21) අලුයම 2.30 ට පමණ වටවල ප්‍රදේශයේදී අඩි පහළොවක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුරත් සමග ලොරි රථයේ සිරව සිටි රියැදුරා පැය එක හමාරක පමණ මෙහෙයුමකින් පසුව මුදාගත් බවයි වටවල…

T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අද සිට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7ට ආරම්භවීමට නියමිතය. මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ…

රුපියල් ලක්ෂ 8කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 08කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 44,000ක මුදලක් පොලිස් භාරයට…

මාමණ්ඩියගේ පිහි පහරින් බෑනා මරුට

දැරණියගල, මාලිබොඩවත්ත තේ කර්මාන්ත ශාලාව කොටසේදී මාමණ්ඩිය විසින් එල්ල කළ පිහි ප්‍රහාරයකින්, බෑණා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (20) පස්වරුවේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිගයාම හේතුවෙන් මාමණ්ඩිය විසින් මෙසේ තියුණු ආයුධයකින්  බෑනාට පහර දී ඇති බව වාර්තා වේ. ඉන්…

රත්‍රං මිලේ වෙනසක්

මෙරට රත්‍රං මිල ගණන් රුපියල්  4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 366,300 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (20) දිනයේ දී…

ට්‍රම්ප්ගේ චීන සංචාරයට දින නියම වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු මස අගදී චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර තිබේ. ඒ අනුව මාර්තු මස 31වනදා සිට අප්‍රේල් මස 02වනදා දක්වා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ චීන නිල සංචාරය සැලසුම් කර ඇති බව ධවල මන්දිර…