Month February 2026

වාද්දූවෙදී බස් දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙක් තුවාල ලබයි

වාද්දූව, මොරොන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු ව තිබෙනවා. මෙම අනතුර සිදු වන අවස්ථාවේදී බස් රථ දෙකෙහිම මගීන් සිට නොමැති අතර, අනතුරින් බස් රියදුරන් දෙදෙනාම තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති…

අද කාලගුණ නිවේදනය

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, දකුණු පළාතේත්, රත්නපුර, මොනරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2:00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ…

නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් NIE හිටපු අධ්‍යක්ෂට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරන ලෙසට නීතිපතිට නියෝග

නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. 2024 වසරේ…

ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඊසාන දෙසට ගමන් කරමින්, ඉදිරි පැය 24 තුළ තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ තද වැසි…

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

පානම ප්‍රදේශයේ, පානම වැව අසලදී සිදුවී ඇති වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 71 ක් වූ පානම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි පොලිසිය සඳහන් කළේ. එම පුද්ගලයා දිය නෑම සඳහා පානම වැවට ගොස්, යළිත් තම…

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනිකව මුදල් ලබා ගන්නා ජාවාරමක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනිකව මුදල් ලබා ගන්නා පුද්ගලයන් පිරිසක් ගැන පොලිසිය විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ජනතාව රවටා වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ සිද්ධීන් පිළිබඳ පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර,…

මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනයට එක් කෙරේ

අත්හිටුවා තිබුණු මීනගයා දුම්රිය අද (23) සිට නැවත ධාවනයට එක් කර තිබෙනවා. ඒ අනුව, මෙම දුම්රිය අද සවස 7:00 ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා පිටත් වීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මෙම දුම්රිය ධාවනය…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නීතිඥවරයෙක් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ්

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නීතිඥවරයෙක් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නීතිඥවරයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී…

දේශන මාලාව අවලංගු වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්

සංවිධානාත්මක කණ්ඩායම්වල බලපෑම මත Oxford Union සහ Cambridge Union ශිෂ්‍ය සංගම්වල පැවැත්වීමට නියමිතව තිබූ දේශන මාලාව අවලංගු කිරීම කණගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තමන් දැඩි ලෙස විවේචනය කරන පිරිස් සමඟ පවා මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට සූදානමින් සිටි…

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකයි – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, එක් කණ්ඩායමක් සාර්ථකව සිය පුනරුත්ථාපන කාලසීමාව අවසන් කර පිටත්ව ගිය බවයි එහි පුනරුත්ථාපන කාර්යාංශයේ සහකාර කොමසාරිස් කර්නල් චන්න ගෝමස් සඳහන් කළේ.…