Month January 2026

ඇම්ස්ටර්ඩෑම් හි වසර 154ක් පැරණි පල්ලියක් ගින්නකින් විනාශයි

නව වසර සැමරුම් අතරතුර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගර මධ්‍යයේ පිහිටි වසර 154ක් පැරණි Vondelkerk දේවස්ථානය ගින්නක් හේතුවෙන් විනාශ වී තිබෙනවා. 1872 වසරේ ඉදිකරන ලද ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම දේවස්ථානයේ මධ්‍යම රාත්‍රියෙන් පසු හටගත් ගින්නකින් මෙලෙස විනාශ වී තිබුණා. මෙම ගින්න හේතුවෙන්…

රියැදුරු අකුසලතා ලකුණු මේ වසරේ සිට

මෝටර් රථ රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මේ වසරේ ක්‍රියාත්මක කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ පවසනවා. ඔහු මේ පිළිබඳව පවසා සිටියේ හිරු ප්‍රවෘත්ති කළ විශේෂ විමසීමකදීයි. ඊට අදාල තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් ඊට…

ඇළකට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පුල්මුඩේ පොලිස් වසමේ මහසෙන්පුර ප්‍රදේශයේ ඇල මාර්ගයකට යතුරු පැදියක් වැටී එහි පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 64 ක් වූ කොලොංගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මූතූර් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්…

පහළ වායුගෝලයේ කැළඹීමක් : වැසි තත්ත්වය ඉහළට

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නැගෙනහිර, මධ්‍යම, උතුරු –…

මුහුද රළු වෙයි

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායූගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම මුහුදු ප්‍රදේශවල…

සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි

කොහුවල දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කර තිබේ. කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල…

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම්වලින් රු.මිලියන 285කට වැඩි දඩ අය කරගෙන

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබේ. 2025 වසරේ දිවයින පුරා සිදුකළ වැටලීම්  21,000ක ප්‍රමානයක් සඳහා නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව පැවසෙයි. භාණ්ඩවල නියමිත ප්‍රමිතීන්…

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ධීවරයින් 11ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිතර වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා විසින් සිය භාරයට ‍ගෙන ඇත. නාවික හමුදාව ඊයේ (1) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යාපනය – කරේනගර් මුහුදු සීමාවේදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට…

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවට වාර්තා වේ. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගමේ ප්‍රකාශයෙකු පැවසීය. ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක…

ජනපති අමරපුර මහා නා හිමි බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ඊයේ (01) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන්…