Month January 2026

ඩ්‍රයිවින් ලයිසන් කොලය වෙනුවට කාඩ් පත් බෙදීම ඇරඹෙයි

රියැදුරු බලපත්‍ර ලබාදීම සඳහා ලයිසන් කාඩ් ලක්ෂ අටක් ලැබී ඇති බවත් මේ වන විට රියැදුරු බලපත්‍ර දෙලක්ෂ හතළිස් දහසක් මුද්‍රණය කර ඇති අතර එය බෙදාහැරීමේ කටයුතුද ආරම්භ කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ප්‍රකාශ කරනවා. කොමසාරිස්…

ඉංග්‍රීසි මොඩියුලයේ වියදම් අමාත්‍යංශයෙන්ම අයකර ගන්න – ලංකා ගුරු සංගමය

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාවට අදාල ප්‍රශ්න ගත මොඩියුලයේ මුද්‍රණ වියදම් අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම අය කර ගැනීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා. ප්‍රශ්න ගත මොඩියුලයේ වගකීම අධ්‍යපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භාර ගත යුතු බවටද ලංකා ගුරු සංගමය චෝදනා…

”ලක්ෂ 50 දීමනාව ජනවාරි මුල් දින 10 තුළ ලබාදෙනවා”

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත පිරිනමන රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබාදීම ආරම්භ කරන බව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. එමෙන්ම ආපදාවෙන් මාසයක් ගතවීමට පෙර කැඩී…

කොළඹ ප්‍රදේශ කිහිපයකට බිඳ වැටී තිබූ ජල සැපයුම යථාවත් කෙරේ

‍දෙහිවල, ගල්කිස්ස ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට බිදවැටී තිබූ ජල සැපයුම යථාවත් කර තිබේ. අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන නළයක බත්තරමුල්ල තලංගම පයිප්ප පාර ප්‍රදේශයේ සිදු වූ හදිසි පිපිරීයෑමක් හේතුවෙන් ඊයේ (02) රාත්‍රී 10ට පමණ මෙසේ ජල සැපයුම අත්හිටවනු…

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි

වෙනිසියුලාවේ අමෙරිකානු මෙහෙයුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හෙට (05) දිනයේදී හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම කැඳවීම සිදුකර…

කොහුවල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ගිනි අවියකින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සිව්දෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (03) දෙහිවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.…

මාරක අනතුරු කිහිපයක් – පස්දෙනෙක් මරුට

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් තරුණයින් දෙදෙනෙකු, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (03) මෙම අනතුරු සිදුව තිබුණේ මාරවිල, මීගහතැන්න, නොච්චියාගම, කැස්බෑව සහ බේරුවල යන පොලිස් වසම්වලදීය. මාරවිල පොලිස් වසමේ, තිසේරාපුර සිට අඩප්පර…

මධුරෝගේ උප ජනාධිපතිනිය වෙනිසියුලාවේ නව නායකයා ලෙස දිවුරුම් දෙයි

වෙනිසියුලානු උප ජනාධිපතිනිය වූ 57 හැවිරිදි ඩෙල්සි එලොයිනා රොඩ්‍රිගස් ගෝමස් එරට නව නායකයා ලෙස දිව්රුම් දුන් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. දිවුරුම් දුන් ඇය එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට එකඟ වන බව ජනාධිපති ට්‍රම්ප් සදහන් කර ඇත. ඇය එක්සත් ජනපද…

ඉදිරි දිනවල වැසි තත්ත්වයේ ඉහළ යාමක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතී. මේ හේතුවෙන් හෙට(05) සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,…

“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඇරඹේ

“FACETS Sri Lanka – 2026” ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානතවයෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී ඊයේ(03) ආරම්භ විය. ශ්‍රී ලංකා මැණික්…