Month January 2026

පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් ගලෙන්බිඳුණුවැවෙන් වාර්තා වූ ඛේදවාචකය

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසකට පවුල් ආරවුලක් මත පියා විසින් පෙට්‍රල් දමා සිය නිවසට ගිනි ගිනි තැබීමකින් පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. අද (06) අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් මෙම…

2026 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වෙයි

2026 වසර සඳහා අද (06) පළමුවරට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. අද දිනයේදී ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ…

වෙනිසියුලාවේ සිදුවීම ගැන ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවට නිවේදනයක්

වෙනිසියුලා රාජ්‍යය තුළ මෑතකදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, එම සිදුවීම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා රජය පවසනවා. වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ…

උසස් පෙළ විභාගය වෙනුවෙන් වන උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න…

අද කාලගුණ නිවේදනය

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර, ඒ හේතුවෙන් ජනවාරි 08 සිට දිවයිනේ, විශේෂයෙන් උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනයක් බලාපොරොත්තු වන බව…

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. වැඩි වූ මිල සහ නව මිල පහතින්. * සුදු ඩීසල් –  රු.02 කින් (නව මිල රු.279) * පෙට්‍රල් 95 – රු.05…

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ පුත්‍රයා ජනවාරි 09 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයා ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර වූ අවස්ථාවේදී ඔහු සහ ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබුණා. සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්…

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අමාත්‍යවරයා ලද කැඳවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි…

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” ලෙස නම් කර ඇති අතර, එයින් ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සම්පූර්ණයෙන්ම…

නව ඖෂධ වර්ග 10ක් මේ වසරේ දී නිෂ්පාදනයට SPCයේ සැලැස්මක්

මෙම වසරේ  දී නව ඖෂධ නිෂ්පාදන 10ක් වෙළෙඳපොළට හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි. පෙති හා කරල් මිලියන 4000ක ප්‍රමාණයක් මෙම වසරේ දී නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සංස්ථාව නිකුත් කළ නිවේදනයක සඳහන්ය. මේ…