Month January 2026

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ ප්‍රශ්න­ගත පාඩම ඉවත් කරයි ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ

ගැට­ලු­කාරී තත්ත්ව­යක් ඇතිවූ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ නුසු­දුසු වෙබ් අඩ­වි­යක් අඩංගු වී තිබූ පාඩම ඉවත් කිරී­මට ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ අධ්‍ය­යන උප­දේ­ශක මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලබාදී ඇතැයි අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (07)…

අනතුරක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්තකන්ද ප්‍රදේශයේ ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිවී තිබෙන අතර, ඒ නිසා කාර්යාල දුම්රිය 05 ක් පමණ ප්‍රමාද වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද කාලගුණ නිවේදනය

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3 සහ දේශාංශ 86.0 ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව,…

හෙට දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) දිනයේ දී මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්…

වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී තිබේ. 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු.…

අද දිනයේ සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට කොටස් වෙළෙඳපොළ තීරණය කරයි

අද (07) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පෙර සිදු කෙරුණු සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ…

වෙනිසියුලාවේ බොරතෙල් බැරල් මිලියන 50ක් අමෙරිකාවට ගැනීමට ට්‍රම්ප් සැරසෙයි

වෙනිසියුලාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් බැරල් මිලියන 50ක පමණ ප්‍රමාණයක් එවනු ඇති බවත්, එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම රටවල් දෙකෙහිම යහපත සඳහා යොදවන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින්…

ජූලි චන්ග් 16 යයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ලෙස වසර හතරකට ආසන්න කාලයක් සේවය කළ ජූලි චන්ග් (Julie Chung) එළඹෙන ජනවාරි 16 වැනිදා සිය ධුරයෙන් සමුගෙන දිවයිනෙන් පිටත්ව යන බව තහවුරු කර තිබෙනවා. ඇය සිය සමුගැනීමේ පණිවිඩයේ සඳහන් කර ඇත්තේ, තම සේවා කාලයේ පළමු…

කොහුවල වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණියකට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දෙසැම්බර් මස 30 වනදා කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 16 හැවිරිදි තරුණියක…

වීථි ලාම්පු සඳහා වැයවන මුදල ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට ?

යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ ඇති වීථි ලාම්පු සඳහා වැයවන මුදල එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අයකිරීමට යෝජනා කර ඇති බව විදුලිය පාවිච්චිකරනන්ගේ සංගමය පවසයි. එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසුවේ, මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් සියයට…