Month January 2026

කොළඹ – නුවර පාරේ වාහන ධාවනය කඩවතින් සීමා කෙරේ

ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවය. මාර්තු 15 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බව සඳහන් ය.…

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන T20 තරගය නැරඹීට පැමිණි පිරිසක් අනතුරක

අද (10) අලුයම A9 මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා තිබේ. දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණ ආපසු වෑන් රථයකින් නිවස බලා යමින් සිටි තරුණයින් පිරිසක් මෙම අනතුරට ලක්වී තිබුණි. අනතුරින් තුවාල ලැබූවන් මිහින්තලය…

කිසිදු ගංඟාවක ජල මට්ටම අනතුරදායක වැඩිවීමක් නැහැ

ඊයේ(09) දිනයේත් පසුගිය පැය 24ක කාලය සළකා බැලීමේ දී විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇත. කෙසේ නමුත් ලංකාවේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලට ඉතා සුළු වශයෙන් වර්ෂාපතනයන් ලැබී තිබේ. ඒ නිසා ගංගා පද්ධතිය පිළිබඳ අවධානය යොමු කළ…

ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙනවා – ජනපති

ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙන බවත්, එම කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල…

2026 වසරේ පැවැත්වීමට නියමිත විභාග දින කාලසටහන පිළිබඳ දැනුම් දීමක්

2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, මෙම වසර සඳහා ජාතික විභාග 07 ක් පැවැත්වීමට නියමිතයි. එහි පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (2025) ජනවාරි මස 11 වැනිදා පැවැත්වෙන බවයි සඳහන්…

බ්‍රසීලයෙන් මෙරටට ඉහළ ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රකරණ ඒකක දහයක් පරිත්‍යාග කෙරේ

දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදුකෙරෙන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ආධාර වශයෙන්, බ්‍රසීල රජය මගින් ඉහළ ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රකරණ ඒකක දහයක් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ ලේඛන විධිමත් ලෙස භාරදීමේ කටයුතු පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවුණා. එහිදී කොළඹ බ්‍රසීල තානාපති…

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නතර කරන ලෙස දැනුම්දීමක්

විශේෂඥයින් මඟින් විධිමත් වාර්තාවක් ලබා ගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු, අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශය විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව, අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට…

අද කාලගුණ නිවේදනය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (10) දින පෙ.ව. 04.00 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබුණු බවත්, එය වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින්, අද…

දෙහිවල වෙඩි තැබීමක්

දෙහිවල වෙරළ පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා. මුහුදු මාවතේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත්…

තඹුත්තේගමදී මුද්‍රා තැබූ මස් කිලෝ 12,000 පරිභෝජනයට සුදුසු තත්ත්වයේ තිබී ඇති බවට තහවුරු වෙයි

පසුගිය මාසයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේග​ම සත්ත්ව ගොවිපොළක තිබී මුද්‍රා තබන ලද මස් කි.ග්‍රෑ. 12,000 ක ප්‍රමාණය පරිභෝජනයට සුදුසු බවට වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදු කළ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. අදා​ළ සත්ත්ව ගොවිපො​ලේ, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු…