Month January 2026

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එරට වේලාවෙන් අද පස්වරු 02.58ට පමණ මෙය හටගෙන ඇති බව සඳහන් වේ. භූ කම්පනය කිලෝමීටර් 77 (සැතපුම් 47.85) පමණ ගැඹුරකින් යුත් ප්‍රදේශයක හට ගෙන ඇති බව අමෙරිකානු…

පසුගිය වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි 10,616ක්

පසුගිය 2025 වසර තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට ඇමතුම් 10,000කට අධික ප්‍රමාණයක් ලැබී ඇතැයි එම අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ ඒ අනුව පසුගිය වසර තුළ ඇමතුම් 10,616ක් ලැබී ඇති බවය. එම පැමිණිලි 5,026ක් වැටලීම් හා විමර්ශන…

විදුලි සැර වැදී 16 හැවිරිදි ළමයෙකු ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

කුච්චවේලි සහ රස්නායකපුර පොලිස් වසම්වලදී විදුලි සැර වැදීමෙන් 16 හැවිරිදි ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (10) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කුච්චවේලි පොලිස් වසමේ පල්ලිමුණේ ප්‍රදේශයේදී පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී මියගොස් තිබේ. එලෙස…

සිරියාවේ IS ඉලක්ක වෙත අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාරයක්

සිරියාවේ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත අමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. අමෙරිකා හමුදාව සඳහන් කරන්නේ,  IS ත්‍රස්ත සංවිධානය විසින් පසුගිය මාසයේදී සිදුකළ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබළු දෙදෙනෙකු සහ අමෙරිකානු සිවිල් පරිවර්තකයෙකු…

මන්නාරම් බොක්කේ අඩු පීඩන කළාපය තවදුරටත් දුර්වල වෙයි

මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බව එම සදහන් වේ. කෙසේවෙතත් මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර – උතුරු මැද, ඌව සහ…

ඉරානයේ රෝහල් මළ සිරුරු සහ තුවාල ලැබූවන්ගෙන් පිරී යයි

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා දිගටම පවතින බවත් එහිදී ඇතිවන තත්ත්වයන් මත මියගිය හෝ තුවාල ලැබූ රෝගීන්ගෙන් රෝහල් පිරී ඇතැයි ඉරානයේ රෝහල් තුනක කාර්ය මණ්ඩලය උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ටෙහෙරාන් රෝහලක වෛද්‍යවරයකු පැවසුවේ “ඇතැම් තරුණයන්ගේ හිසට, ඔවුන්ගේ හදවත්වලට…

කල් දැමූ උසස්පෙළ විභාග විෂයයන් හෙට සිට

පසුගිය නොවැම්බරයේ පැවැත්වෙමින් තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නොපැවැත්වූ විෂයයන් හෙට (12) සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මේ විභාග කටයුතු මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වෙයි. එසේම, දැනට 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා…

ගලෙන්බිදුණුවැව ඛේදවාචකය: වැඩිමහල් දිණියත් මිය යයි

අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ගිනි තැබීම පසුගිය 06වැනිදා සිදු වූ අතර, ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබූ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි…

කොණ්ඩ රංජිගේ අපරාධ වාර්තා CIDයෙන් ඩුබායි පොලීසිය වෙත

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත්  ‘කොණ්ඩ රංජි’ සම්බන්ධ වන අපරාධ වාර්තා ඩුබායි පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම අපරාධ වාර්තා ජාත්‍යන්තර පොලීසිය හරහා ඩුබායි පොලීසිය වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.…

ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ විදුලි සේවකයින්ගෙන් බලශක්ති ඇමතිට ලිපියක්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පත් කළ දිනය ගැසට් කිරීම ප්‍රමාද වීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සිය සේවක පිරිස මුහුණ දෙන ගැටලු පිළිබඳව ලංකා විදුලි බල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත ලිපියක් යොමු…