Month January 2026

රටම එකට ජාතික මෙහෙයුම : ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 851 කින් සැකකරුවන් 816 ක් අත්අඩංගුවට

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (13) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 851 ක් සිදු කර තිබෙනවා. එම වැටලීම්වලදී සැකකරුවන් 816 ක් අත්අඩංගුවට ගත් බවත්, 05 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු…

තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

තෛපොංගල් උත්සවය සැමරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව හැටන්, නුවරඑළිය, බදුල්ල ඇතුළු නගර කිහිපයක් වෙත අමතර බස් සේවා යොදවන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි සඳහන් කළේ. එසේම…

2025 වසරේ චීන ආනයන අපනයන වටිනාකම්හි නව වාර්තාවක්

ගෙවී ගිය වසරේ චීනයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 45.47ක් බව වාර්තා කරයි. මෙය 2024 වසරේ පැවති අගයට වඩා 3.8%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් වන අතර, 2017 වසරේ සිට වසර 9ක් අඛණ්ඩව එම වටිනාකම වැඩි…

“දැන්ම ඉරානයෙන් යන්න” – ඇමරිකානුවන්ට දන්වයි

ඉරානයේ සිටින ඇමරිකානු වැසියන්ට වහාම එරටින් ඉවත් වන ලෙස ඉරානයේ පිහිටි අතථ්‍ය (virtual) ඇමරිකානු තානාපති කාර්යාලය හදිසි ආරක්ෂක දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. ඉරානය පුරා පවතින විරෝධතා උද්ඝෝෂණ සහ නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි අතර, ඒවා ප්‍රචණ්ඩකාරී වීමෙන් පුද්ගලයන් අත්අඩංගුවට…

විදුලිසැර වැදී අඹුසැමි යුවළකට දිවි අහිමි වෙයි

වරකාපොළ, හුනුවල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකු…

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසය තවත් තහවුරු කරයි

අධ්‍යාපනයට මූලිකත්වය ලබා දෙමින්, දරුවන්ට සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කරන රාජ්‍යයන් දෙකක් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ අදහස් පැවසූවේ අද (13) දින චීනය විසින් පාසල්…

බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර පත් කෙරේ

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ. 1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය…

ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවන බව නාමල් කියයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්  පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. මිහින්තලය රජමහා…

රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අද (13) මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.  මෙම ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉදිරියේදී අත්සන් කළ බව  මුදල් අමාත්‍යාංශය…

පුත්තලමේ මාරක අනතුරක් – දෙදෙනෙක් මරුට

පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති…