Month January 2026

රටවල් 75ක පුරවැසියන්ට අමෙරිකාවේ වීසා නවතියි

රටවල් 75ක පුද්ගලයින් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට අමෙරිකාව තීරණය කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ, අමෙරිකාවේ නව සංක්‍රමණික නීතිවලට අනුව මෙම තීරණය ගෙන ඇති බවය. බ්‍රසිලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු…

සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු – අගමැතිනිය

මිනිස් ජීවිතය ස්වභාවධර්මය සමඟ කෙතරම් අවියෝජනීය ලෙස බැඳී පවතින්නේ ද යන්න තෛපොංගල් උත්සවය ලොවට පසක් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ අනුව, රටක් ලෙස අප අද සිටින්නේ තීරණාත්මක වෙනසක් අභිමුව බවත්, ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ, ආකල්පමය පරිවර්තනයක්…

තෛපොංගල් උත්සවය අනාගතය පිළිබඳ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමට ආරාධනා කරන අවස්ථාවක් – ජනපති

සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යයකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමට ද ආරාධනා කෙරෙන අවස්ථාවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන්…

තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබෙනවා. ඒ අනුව, සීතල සමය අවසන් වී හිරු මුදුන් වන මෙම මොහොත අඳුර දුරු කර නව බලාපොරොත්තු දල්වන බවට ඔවුන් විශ්වාස කරන බවයි සඳහන් වන්නේ. සශ්‍රීකත්වය ළඟා කරදීම වෙනුවෙන්…

අද කාලගුණ නිවේදනය

අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩු වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට තීරණය කෙරේ

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමටත්  ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල්…

විදුලි ගාස්තුව 2026 පළමු කාර්තුව සඳහා වැඩි නොකිරීමට තීරණය කෙරේ

2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. නිසි කාලය තුල විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙසේ 2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට…

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම…

හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් මාර්තු 04 කැඳවීමට නියෝග

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවදියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව මාර්තු…

විමල් වීරවංශට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණු හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව, එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස්…