Month January 2026

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය පහළට

දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණත්වය කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව, යාපනය, කෑගල්ල සහ ගාල්ල යන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය සෞඛ්‍යයට අහිතකර මට්ටම් දක්වා පහත වැටී ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කළේ. මීට අමතරව බදුල්ල,…

වවුනියාවේ මහමයිලන්කුලම වැවේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

වවුනියාවේ මහමයිලන්කුලම වැවේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව කෝවිල්කුලමේ පදිංචි අවුරුදු 18ක් වූ සිසුවෙක්. අපොස උසස් පෙළ විභාගය නිම කළ සිසුන් තුන් දෙනෙකු සමග උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන මේ සිසුවා විනෝදයට දිය නෑම…

ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළට

පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ගම්පහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රවීන්ද උඩගමගේ මහතා සඳහන් කළේ, කුඩා දරුවන් අතර මෙම රෝග දක්නට ලැබෙන බවය. “මේ දවස්වල පවතින ශීත වියළි කාලගුණයත්…

හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි – NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් පත්කරන ලද පරීක්ෂණ කමිටුව විසින් මේ බව අනාවරණය කරගෙන ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක…

කෝටි විසි අටකට අධික මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් 283,300,000 මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (19) සිදු කළ විශේෂ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන…

ස්විට්සර්ලන්තයට පැමිණි අගමැති හරිනිට උණුසුම් පිළිගැනීමක්

ස්විට්ස­ර්ල­න්තයේ ඩාවොස් ක්ලෝස්ටර්ස් හිදී පැවැ­ත්වෙන ලෝක ආර්ථික සංස­දයේ 56 වැනි වාර්ෂික රැස්වී­මට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගි වීම සඳහා අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය ඇතුළු පිරිසව එරට Zurich ගුවන්තොටුපලේදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත, තානාපතිනි හිමාලි අරුණතිලක…

නිල­ධා­රිනියන් දෙදෙ­න­කුගේ වැඩ තහ­නම්

අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යටතේ මුද්‍ර­ණය කළ ‘මොඩි­යුල’ ගැටලු සම්බ­න්ධ­යෙන් ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජන­රාල් ආචාර්ය දර්ශන සම­ර­වීර මහතා අනි­වාර්ය නිවාඩු යැවූ බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ උසස් නිල­ධා­රි­යෙක් ඊයේ (19) පැව­සීය. ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ ඉංග්‍රීසි දෙපා­ර්ත­මේ­න්තුවේ කථි­කා­චාර්ය කලනි වෙලෝසා සහ සහ­කාර කථි­කා­චාර්ය…

නන්දන ගුණ­ති­ල­කගේ රෝගය ගැන දැන සිටි­යා­නම් මැදි­හත් වී කට­යුතු කර­නවා

නන්දන ගුණ­ති­ලක මහ­තාගේ රෝගය ගැන මීට පෙර තමන් දැනු­වත්ව සිටියා නම් ඒ මහතා වෙනු­වෙන් මීට වඩා විශාල මැදි­හ­ත්වී­මක් සිදු­ කි­රී­මට හැකි­යාව තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. අභා­ව­ප්‍රාප්ත නන්දන ගුණ­ති­ලක මහ­තාට අව­සන් ගෞර­වය දැක්වී­මෙන් අන­තු­රුව මාධ්‍ය වෙත ඊයේ…

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න පොලිසියෙන් දුරකථන අංක

2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදය කරයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය…

අද පස්වරුවේ මොරටුවේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ 151 වැනි වාර්ෂික පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද (20) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා. මෙම විශේෂ රථවාහන සැලැස්ම අද (20) දින පස්වරු 04.00 සිට පසුදින (21) අලුයම 01.00 දක්වා ක්‍රියාත්මක වන බවයි…